Undue Rice Shortage

මෙච්චර කාලෙකට නොතිබිච්ච හාල් හිඟයක් එක පාරටම කොහෙන්දෝ ඇවිල්ලා.
ගිය අවුරුද්දේ අග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව economynext වාර්තා කරලා තිබුණා යල මහ කන්න දෙකේදී හාල් මෙට්‍රික් ටොන් මිලියන 2.73 නිෂ්පාදනය වුණා කියලා.

සාමාන්‍ය පරිභෝජන තත්ත්ව යටතේ රටට අවශ්‍ය වෙන්නෙ හාල් මෙට්‍රික් ටොන් මිලියන 2.34 අවුරුද්දකට, ඒ සාමාන්‍ය මාසෙක පරිභෝජනය මෙට්‍රික්ටොන් 195,000 පමණ වෙන නිසා.
මේ ගණනය කිරීම් අනුව මේ අවුරුද්දට මෙට්‍රික් ටොන් 382,212 ක අතිරික්තයක් පවා ඉදිරියට ගෙන ආ යුතුයි පෙර සහ පසු අස්වනු හානි තිබුනෙ නැත්නම්.
මේ ගණන් මිනුම් මහතැන්ලා නොදැන ඉන්න විදිහක් කොහොම වත් නැහැ.

අනවශ්‍ය බියකට මම හිතන්නේ රට පත්වෙලා ඉන්නේ. මෝල් කාරයෝ හංගනවා නං දැන් අත්‍යවශ්‍ය සේවාවක් වෙලා තියෙන නිසා ඒක හමුදාව හරියට බලාගනියි. මේ කන්නේ කැපුණු අස්වැන්නත් මෝල් හිමියන් දැන් process කළ යුතුයි.

ඒ කොහොම වෙතත් අපේ රටේ බත් කනවා වැඩියි. පිටරටින් ගේන සහල් පාන් තිරිඟු පිටි අරවා මේවා ඔක්කොම අතහැරලා ගණන් හදලා, බත් කන පුද්ගලයන් මිලියන විස්සක්ම ඉන්නව කියල ගත්තත් එක පුද්ගලයෙක් රටේ නිෂ්පාදිත හාල් ග්‍රෑම් 320 දවසකට කාලා.
කළ යුතු සමබර ආහාර වේලක් ලැබෙන විදියට අනෙකුත් පෝෂණ ආහාර වලට ප්‍රමුඛතාව දෙන එක මිසක් තවදුරටත් වී වගාව ඉහළ නැංවීම නෙමෙයි.
එහෙම නැත්නම් අස්වැන්න අඩු වුණත් පෝෂණ ගුණ වැඩි දේශීය කාබනික සහල් වර්ග ප්‍රවර්ධනය.



පින්තූරය මිතුරෙක්ගෙ මේ කන්නයෙ අස්වැන්න, ඊයේ කැපුවේ. ස්තුතියි Chris Dharmakirti

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන