අපි බත් කනවා වැඩියි

හාල් කොහොමහරි ලාබෙට දෙන එක නෙමෙයි වැඩේ. ඒක ප්‍රායෝගිකද කියල විශේෂයෙන්ම බැලිය යුතුයි. අනෙක ගොවියා තවත් හිඟමනට වැටෙන එක නවත්තන්න බැරි වෙයි. දැනටත් සමහර වියදම් සලකා බැලෙන්නේ නෑ, අපිටම හොර කරගන්නවා හිත හදාගන්න.
මේකට Lateral thinking යෝජනා තියෙනවා මට, පාරිභෝගිකයාගේ පැත්තෙන් කළහැකි. මේවයින් ඔක්කොමගෙ ප්‍රශ්න විසඳෙන්නේ නැතිවෙයි. කළ යුතු තවත් දේවල් තියෙනවා පෙර හා පසු අස්වනු තාක්ෂණවල ඉදලා ඔන්ලයින් අලෙවික්‍රම දක්වාම. හැබැයි ඉල්ලුම හා සැපයුම සමානවීම අනුව වෙළෙඳපොළ තුලනය වෙයි.
  •  හාල් මිල වැඩි නං කන ප්‍රමාණය අඩු කළ යුතුයි.
  • දැනටත් #බත් කන ප්‍රමාණය කොහොමත් වැඩියි.
  • බත් එක වේලකට සීමා කළ යුතුයි.
  • අඩුකරන ප්‍රමාණය වෙනුවට වෙන ආහාර ගන්න මේ වෙලාවේ සල්ලිත් නෑ. ඒකට කමක් නැහැ අඩුවෙන් කන්න බඩ පුරුදු කරගත යුතුයි.
  • ආහාර නාස්තිය අවම කළ යුතුයි, ගෙදර විතරක් නෙමෙයි, බුෆේ වල බෙදාගැනිල්ලෙනුත්.

පුද්ගලයකුට දිනකට අවශ්‍ය කාබොහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ විටමින් ප්‍රමාණය කලින් පෝස්ට් එකක ඇති.
ස්ලයිඩ් තුන Kusumitha Mudith Perera ගෙන්. මේ ගණන් හරි. නමුත් එයා අස්වැන්න පිළිබඳව කලින් පොස්ට් එකක කියපු කතා වලට මම එකඟ නැහැ.


මෙතන ගොවියාගේ #වී නිෂ්පාදන වියදම නැහැ. හැම කන්නයක් ම හරියටම වෙනවනං වී 50 ට විකුණන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ බොහොම කලාතුරකින් අනිත් එක හොඳ #සහල් වර්ග වස නොයොදා හදන්න ගියොත් අස්වැන්න තවත් අඩුයි ඒ කියන්නේ වියදම තවත් වැඩියි.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන