අනතුරු නිවාරණය

අනතුරකින් පස්සේ අපි ඒකට හේතු හොයනවා, කවුද වැරදි කාරය කියල උල තියන්න යනව. නමුත් මූලික හේතුව අවාසනාවන්ත විදියට මගහැරිලා. 

මේවා ඇත්තෙන්ම හදිසි අනතුරු (Accident) නෙමෙයි ගැටුම් (Collision), එනම් වළක්වාගත හැකි ඒවා.

රාජ්‍ය ආයතන දත්ත අනුව වැඩිම වැරදිකාරයො රියදුරන්. අපි නීතිරීති වලින් ඒ අයව හදන්න යනවා. මේවා බොහෝදුරට තාවකාලිකයි. දරුණු අනතුරකින් පස්සේ ටික දිනක් කතාවෙනවා, ඊට පස්සේ හැමදාකම අටකට කිට්ටු ගණනක් මැරෙනබව අපිට ගානක් නැහැ, කතාබහකුත් නැහැ. 

මේ අනතුරු පාලනය සඳහා නීති අවශ්‍යයි, නමුත් නීතිගරුක සමාජයක නෙමේ අපි ජීවත් වෙන්නේ. ඒකට ජීවන සටන එකතුවුනාම තවත් භයානක වෙනවා. ඉතින් නීතියට සහ පුහුණුවට වඩා වැදගත්වෙන්නේ මානසික හැඩගැස්ම. පස්සර බස් එකේ පසුපස ස්ටිකරයෙන් කියවෙන්නෙත් මේ අති විශාල අඩුපාඩුව.

අපේ රටේ පුහුණුවට ඇති ඉඩ ඉතාම අවමයි. බොහෝ දුරට බස් සහ ට්‍රක් රියදුරන් වෙන්නේ කොන්දොස්තර වරු සහ රිය සහායකයන්. කුඩා වාහන මෙන්ම ටුක් පදවන රියදුරන්ටත් හැදියාව පිලිබඳ පුහුණුවක් ඇත්තෙම නැහැ. රියදුරු පාසල වගකියන්නේ බලපත්‍රය ලබාදීමට පමණයි.

ඊළඟට ඕනෑම වෘත්තියක අතරමැදි පුහුණු (Mid carrier training) තියෙනවා. නමුත් අපේ රියදුරන්ට ඒව තියා මූලික පුහුණුව වත් නැහැ. මෙයට රාජ්‍ය මට්ටමින් මැදිහත්වීමක් අවශ්‍යයි. මේ අනතුරුවල සමාජයීය මෙන්ම ආර්ථික වියදම අතිශය විශාලයි. ඒ ගැන ලින්ක් එකක් කමෙන්ට් වල.

ලෝකේ පුරාම Defensive Driving පුහුණුව වෙළඳ වාහන රියදුරන්ට අනිවාර්යයි, නමුත් අපිට ඒ වෙනුවෙන් හරි සිංහල වචනයක් වත් නැහැ. වැරදීම් ඕනෑම දක්ෂයෙකුට වෙන්න පුළුවන්, නමුත් කෝ නිවාරණ ක්‍රමවේද?

https://mobility.lk/2021/03/21/defensive-driving/

පස්සර රියදුරා සහ අවාසනාවන්ත මගීන් මේ ප්‍රතිපත්ති විරහිත රටේ වැරදිවල වින්දිතයෝ.



Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන