දෙමුහුං උන Landcruiser 300

හයිබ්‍රිඩ් කරලා අවුරුදු පහෙං දහයෙං ගොඩ අදින්න වෙන වාහන හදන්න වුන හේතුව කාබන් ක්‍රෙඩිට් අහිමි වීම සහ ලෝකයේ තහනම් වීගෙන යන හයිබ්‍රිඩ් එලදෙනගෙන් පුළුවන් තරම් කල් කිරි දොවා ගැනීම. 



හයිබ්‍රිඩ් වාහන විකිණීම ලෝකෙ තහනම් උනත් එන්ජින් සහ අනිත් කොටස් හදලා තව දශක දෙක තුනක් අදිතෑකි. හයිබ්‍රිඩ් වලින් තමයි ටොයොටා ලොකුම සල්ලිය හෙව්වෙ, ඒක අතාරින්න ඒගොල්ලො ලේසියෙන් ලෑස්ති නෑ.

ලංකාවෙ තියෙන අරුම පුදුම බදු ක්‍රමය මත දැන් තියන ගානට බාගෙකින් මේක වෙළඳපොළට එයි. අවුරුදු පහට ලක්ෂ පහක් දුවන රටවලට නම් මේ එන්ජින් හරි, අපි වගේ වාහනේ ජීවිතකාලෙං සියයට අනූවක් පාක් වෙලා ගත කරන අයට නෙමේ.

ලංකාව වෙන්නැති ලෝකෙ එකම රට හයිබ්‍රිඩ් වාහනවල විමෝචන වායු නෑ කියන 😁🔫

කොහොමත් ඊළඟ අවුරුදු 5 තුළ Toyota දිශානතිය වෙනස්වෙනවා වගේම හයිබ්‍රිඩ් වලටත් තිත තියන්න වෙන බව තේරිලා තියෙන බව සමාගමේ නිල ප්‍රකාශ දිහා බැලුවම පේනවා. මේක ගැනත් කිසිම සද්දයක් නැත්තේ ඒක වෙන්නත් ඇති.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන