අලි මදිවට කොටි


හරියටම මීට අවුරුද්දකට ඉස්සෙල්ලා රජය තීරණය කළා #LRT ව්‍යාපෘතිය නවත්තල දාන්න.

ඊයෙ ඒක ආපහු කරලියට, කළමනාකරණ ගාස්තු විදිහට බිලියන 5.8 ජපන් සමාගමකට ගෙවන්න කියලා demand කරල තියෙනව, නමුත් අපි ඒවා එකවුන්ට් කරල නැහැ කියල.

මේකත් ඛේදවාචකයක්!

ඕනෑම එකඟතාවක තියෙනවා force majeure කියලා එකක් එනම් පෙර නොදැකපු එමෙන්ම පුරෝකතනය නොකරපු සිදුවීමක් මත ව්‍යාපාර, ව්‍යාපෘති අත්හිටුවීමේදී වන්දි නොගෙවීමට.

LRT අවලංගු කිරීම් කරද්දි මුළු ලෝකෙම Covid වසංගතයට මුහුණපාලා, #masstransit එනමි මහා පරිමාණ ප්‍රවාහන ක්‍රම තවදුරටත් ලෝකයේ අනාගතයට, මෙගා නගර නොවෙන තැන් වලට අනවශ්‍ය දෙයක් බව පැහැදිලි වෙලා. මේ කරුණු අනුව රජයට අදාල සමාගම සමඟ සාකච්ඡා කරල මේ force majeure condition එක මත කිසිදු වන්දියක් නැතුව මෙය අවලංගු කර ගන්න අවස්ථාව තිබුණා.

අපේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කොහොමත් සුදු අලියෙක් වෙන බව කලින්ම කිව්වා. ඊලඟට ආපු වසංගතය සංචරණ සීමා කිරීම, ව්‍යාපාර සඳහා කරන ගමනාගමන වෙනස් වීම් සදාකාලික වෙන බව ලෝකෙම කිව්ව. කමෙන්ට් වල ඇති අවලංගු කිරීම ගැන පැහැදිලි කිරීම් .

අවලංගු කරන තීරණය හරි, නමුත් ක්‍රමය වැරදියි, බිලියන 5.8 ක් අපිට කජු ඇට කොස් ඇටද ⁉️

#NationalTransportPolicy

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන