පය බරවායට පිටිකරට බෙහෙත්




ඉන්ධන ආනයනයට රුපියල් බිලියන දාහක් රට වසරකට වියදම් කරනවා කියල පී බී ජයසුන්දර මහත්මයා මාස ගානකට ඉස්සෙල්ලා කිව්වා (link in comments). ඒවා දැන දැනම අනවශ්‍ය වියදම්, වාහන වගේ දේවල් ඇණවුම් කළා. ඒ මදිවට ඇමති කෙනෙක් කියනවා GSP+ ඉවත් කිරීමත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයිලු.

ප්‍රවාහනයට 60% ඉන්ධන වැය වෙනවා නම් ඉස්සෙල්ලම කළ යුතු ඉන්ධන වැයවෙන වාහන ප්‍රමාණය අඩු කිරීම.  ඒක පිටට තවත් විදුලි රථ වුනත් දාපුවම වෙන්නේ තදබදය තවත් වැඩි වෙලා ඉන්ධන පරිභෝජනය තවත් වැඩිවීම.

ඒ වගේම වාහන පාරෙන් ඉවත් කරන්න පාපැදි සහ පොදු ප්‍රවාහනයට මුල් තැන දෙනවා කිව්ව. ඒවා දවස ගානෙම යන්නේ වලපල්ලට. සැලසුම් පවා හදල දුන්න දවසකට කොළඹට ඇතුල්වෙන පෞද්ගලික වාහන ලක්ෂ 8 අඩු කර ගන්න ක්‍රම ගැන. නමුත් අපි තවදුරටත් හදන්න යන්නේ නගරය තුළ car park හයිවේ වගේ වාහන ම ප්‍රවර්ධනය වෙන දේවල්.

වසංගතයෙන් පස්සේ වෙනස් නොවෙන නව සංචරණ ක්‍රමවේද Micromobility වගේ දේට මුළු ලෝකෙම අනුගත උනත් අපි තවමත් digital infrastructure සංවර්ධනය වත් පයිසෙකට ගණන් නොගෙන කරන්නේ රාජ්‍ය ගොඩනැගිලි, නාගරික මහාමාර්ග, ගුවන් පාලම් කාර් පාක් වගේ දේවල් හැදීම. 


ඊටත් එහා ප්‍රශ්නයක් පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය නොවීම. මුලින් දීපු පොරොන්දුව 80% ක පුනර්ජනනීය බලය. නමුත් විදුලිබල මණ්ඩලය කියන විදිහට උපරිම සැලසුම 50% යි 2030 වෙද්දි.

ජනාධිපතිවරයා සියයට අසූවක් කියද්දි විදුලිබල මන්ඩලය මෙහෙම කියනවා, එක්කෙනෙක් වත් දන්නෑ මොකක්ද ඉලක්කය වත් කියලා හරියට.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි විදුලිබල මණ්ඩලයයි දෙකම බිලියන ගණන් පාඩුලු. නමුත් ඒ දෙකම එහෙම නොවිය යුතු දෙකක්. 

පෙට්‍රල් ආනයන මිළ බැලුවොත් ලීටරයකට රුපියල් පනහක් වත් වෙනසක් තියෙනවා විකුණුම් මිලත් එක්ක. 

LNG ගල් අඟුරු දැවි තෙල් ආදී බලශක්ති නිෂ්පාදනය කරන සියලුම මාධ්‍ය ආනයනික ඒව. අපි සූර්ය සහ අනිකුත් පුනර්ජනනීය මාධ්‍ය ගැන කළ යුතුයි කළ හැකියි කියනවා විතරයි, හරි ඉලක්ක සහ ක්‍රියාමාර්ග නැහැ. 

කොටින්ම මේ රටට අදාල කාලවකවානු action plan සහිත ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් හෝ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් වත් නැහැ.

ඔය දෙක හරියට හැදුවනම් වසරකට ඉන්ධන සඳහා පිටරටට යන රුපියල් බිලියන පන්දාහ බාගෙට අඩු කරන එක අවුරුදු දෙකෙන් කරන්න පුළුවන්. ඛනිජ තෙල් සංස්ථා වයි විදුලිබල මණ්ඩලයයි දෙකම ලාභ ලබන ආයතන කරන්න පුළුවන්.

තදබදයෙ ආර්ථික හානිය වෙන රුපියල් බිලියනය ගානේ එක දවසකට ඉතිරි කරන්න පුළුවන්!

#NationalTransportPolicy

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන