බිලියන ගානක විනිමය ඉතිරි කරන ක්‍රමයක්!

කොවිඩ් අරමුදලෙ සල්ලි වලින් රුපියල් මිලියන 194 කට ගිලන්රථ 10ක් ගත්තලු. සියලු පහසුකම් සහිත Ford ඇම්බියුලන්ස් රජය බදු එක්ක වසර දෙකකට පෙර මිලදී ගත්තේ කෑල්ලක් රුපියල් මිලියන 9.8 ගානෙ.


ප්‍රවෘත්ති ඇත්ත නම් මන්ත්‍රීවරුන්ට අලුත් ජීප්. කියවෙන විදියට මේව Toyota Land cruiser, ඒකක් බදු රහිතව ඩොලර් 55,000 විතර වෙනවා. 

අපි එපා කිව්වත් නැතත් රජයට අවශ්‍ය දේ කරන්න තුනෙන් දෙකේ බලය තියෙනවා. මේවට විපක්ෂය වත් විරුද්ධ වෙන එකක් නෑ. ඕව කොහොමහරි ගෙනෙයි.

වාහන ඕනෙම නම් ඇයි චීනෙන් ගන්න බැරි? 

Land cruiser සමාන SUV එකක් වෙන්නේ $16,000 විතර. කොහොම කළත් මේගොල්ලෝ අවුරුදු පහෙන් මාරු කරනවා. ඕවා වෙන රටකින් ගන්න එක අපේ හිතමිත්‍ර චීනෙට කරන විශාල අවනම්බුවක්.

ඒ නැතත් අපේ විදේශ විනිමය සංචිතයට හානියක් නොවී චීනයෙන් අවුරුදු පහකින් ගෙවෙන විදියට ණයක් විදියට දෙයි.

ජීප් විතරක් නෙමෙයි වෙන අත්‍යාවශ්‍ය ඔක්කොම වාහන ඔය ක්‍රමයට ගන්න පුලුවන්. 

ප්‍රවෘත්ති වල තියන ගණන් වල හැටියට රටට අති විශාල මුදලක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි රෝහල්වලට අත්‍යාවශ්‍ය ICU සහ ventilator ඇතුළු උපකරණ ගන්න.

අපට චීනෙ ඔක්කොම හොඳයි, ඇයි වාහන විතරක් නරක 🤔

#ILoveChina #SoSriLankan #රථගාය

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන