සංචරණ තහනම සහ ව්‍යාපාර

ලොක්ඩවුන් ගැන මුකුත් නොකියා හිටියේ ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී තත්ත්වයට රජය මුහුණ පා ඇති බව තේරුණු නිසාත් තත්ත්වය අපට වැඩිය හොඳින් දන්නේ රජය නිසාත්ය.

ඊයෙ නිවේදනයේ අන්දමට සංචරණ සීමාව පළාත් අතර පමණක් නිසා සෞඛ්‍ය ආරක්ෂිතව ආයතනය පවත්වාගෙන යාමට තීරණය කළෙමි.

අද නිවේදන වලින් රජයේ කම්පියුස් එක අපේ පිට පටවා ඇති බව පෙනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයේ හෙට සිට 17 දක්වා වැසීමක් ගැන කිසි දෙයක් නැත. ආරක්ෂක අංශ මාධ්‍ය ප්‍රකාශන අපැහැදිලිය. ප්‍රවෘත්ති ඊට වැඩිය වෙනස් ය.

අවසානයේ තේරුම් ගත් අන්දමට හෙට රෑ සිට සදුදා තෙක් දිවයින පුරා සංචරණ තහනම නිසා ආයතනය පැවැත්විය නොහැකිය.

ලොක් නොකරනු ඇතැයි පැවසුනු නිසා 31 තෙක් ආයතනය තුළ නැවතී වැඩ කිරීමට ඊයේ සූදානම් වූ පිටපලාත් සාමාජිකයන් හෙට ගෙදර යැවීමට මාර සටනක් දිය යුතු වේ.

බොහෝ සාධාරණ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ ලාභ මත නොවේ. පසුගිය වසරේ අපේ කුඩා ව්‍යාපාරයට මිලියන දෙකහමාරක පමණ පාඩු lockdown නිසාම සිදුවිය. ඒ අහිමි වූ ආදායම් වලට අමතරවයි. ඒවා කොහොම වෙතත් යැපෙන්නන් සහ පවුල් ගැන පවා සිතිය යුතුවේ.

කොහොමටත් ආදායම් නැති අවුරුදු කාලයේ රට වැහුවනම් ඇති වෙන පාඩුවක් ද නැත. දැන් ඒවා කතා කරලා වැඩක්ද නැත. 

එවන් තත්වයක් තුළ රජය ගන්නා තීරණ පැහැදිලිව මෙන්ම අවම වශයෙන් දින දෙක තුනක් හෝ කලින් දැනුම් දුන්නා නම් අපේ අලාභ අවම කරගත හැකිවිය තිබුණි. 

රාජ්‍ය නිලධාරීන්ට පුරවැසි අවශ්‍යතා ගැන පෙරදැක්මක් නැතිවිම අතිශයින් කනගාටුදායක තත්ත්වයකි. 

වසංගත වැළැක්වීමේ හෝ මර්දනයේ නොතිබුණු පෙරදැක්ම අපේ ජීවත්වීම වෙනුවෙන් තිබීම බලාපොරොත්තු වීමද අපේ වැරැද්දක් විය හැක



Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන