ගමට කැකිරි

කොළඹ පැටව් ගහපු විද්‍යාල ඔක්කොම එක්කෝ ඉවත් කළ යුතුයි. නැත්නම් ළමයින් දෙදහට අඩු කළ යුතුයි. ඔය වගේ මහා පරිමාණ විද්‍යාල මහ නගර මැද ලෝකෙ කොහෙවත් නෑ. ඒ මදිවට රනිල්ගේ ගේත් දුන්නලු රෝයල් එකට. මේක ලියන්නේ දේවියන්ගේ සද්දෙ ඇහිල.

ඕවා අහක් කරානම් කොළඹට වැඩට එන අයයි, මහ ඉස්පිරිතාලෙට ම ඇලිලා ප්‍රාදේශීයව සේවය නොකරන වෛද්‍යවරුන් සහ ගුරුවරුන් ඔක්කොම තමුන්ගේ ගම් පළාත් වලට ගිහින් සේවය කරයි.

කොළඹට කිරි එරවන්නත් ගමට කැකිරි බෙදන්නත් ප්‍රාදේශීය සංවර්ධනය හෙනහුරාට යන්නත් ප්‍රධානම හේතුව ඔය පාසල් සහ රෝහල. විශ්වවිද්‍යාලය වුණත් එච්චරයි, ලස්සන ටික තියලා ඉතුරු ටික කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින් පුරවමින් අනවශ්‍යව විශාල නොකළ යුතුයි.

දවසකට බිලියනයක් වියදම් වෙන කොළඹ තදබදය පවා ඔය දේ කරා නම් සම්පූර්ණයෙන්ම නැති වෙනවා. තිස් වසරක යුද්දෙ වියදමට වඩා රටේ තදබදයෙ වියදම වැඩියි දැන්. වසරක ඉන්ධන ආනයන වියදම විතරක් රුපියල් බිලියන පන්දාහක්.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන