සංජිගේ මල් කතාව

ඇයගේ  මුහුණු පොතෙන්..........
-------------------------

රතු රෝස මල, සැකය සහ සිතුවිලි.

වසර කිහිපයකට පෙර සිදුවූවකි. මගේ කුළුදුල් දරුවා ලැබීමෙන් මාස දෙකකට පමණ පසුව, මා හිටියා මෙන් තුන් හතර ගුණයකින් පමණ තරබාරු වීමි. දරු ප්‍රසූතියෙන් පසුව සතියේ දිනවල අයිස්ක්‍රීම් ලීටර භාගයක් බැගින්ද සති අන්තයේදී හිමකිරම ලීටරය බැගින්ද කෑමට ඇබ්බැහි වීමී. රාතියේ දරුවා සමග නිදිමරන විට උණු කිරිද විටින් විට පානය කළෙමි.
මේ දිනවල මා පදිංචි වී සිටියේ මා සේවය කළ Prestige Automobile BMW ආයතනය පිටුපසය. විනාඩි තුන හතරක් ඇතුළත මාහට සේවා ස්ථානයට ඇවිද යා හැක. හවසට සේවය නිමවී පැමිණෙන විට පාරේ බෝල ගසන කුඩා කොලු රෑන මා සමග කථා කිරීමට පුරුදු වී සිටියෝය. දරුවා ලැබීමට පෙර ඔවුන් මා ඇමතුවේ "ආ කොහොමද අක්කේ..." යනුවෙනි හා මා හරහට මහත් වීමෙන් පසුව, "කොහොමද ඇන්ටී..." වශයෙනි.

සාමාන්‍යයෙන් අපගේ සේවාදායකයන් අළුත් වාහන මිළදී ගන්නේ වසර තුනෙන් තුනට හෝ පහෙන් පහටයි. වසරකට වතාවක් පමණ ඔවුන් වාහනය service කරගැනීමට එයි. මා කෙතරම් තරබාරු වූවාද යත් සමහර සේවාදායකයන්ට මා හදුනා ගැනීමට හෝ නොහැකි විය. මේ සිදුවීමට මුහුණ පෑවේ අපගේ සේවාදායකයන් වන දොස්තර Duminda Ariyaratne හෝ දොස්තර Saman Gamage යන මහත්වරුන්ගෙන් කෙනෙකි. මාගේ මතකයට අනුව නම් දොස්තර දුමින්ද ආරියරත්න මහතා ය. දොස්තර මහතා මා ඉදිරියටම පැමිණ "සoජී ඉන්නවාද" යි මාගෙන් ම විමසීමෙන් අනතුරුව මා වික්ෂිප්ත වූයෙමු..මෙය අසාසිටි ආයතනයේ වෙනත් සේවකයෙකු මා පෙන්වා "මෙයා සoජීව කාලා..." යනුවෙන් පැවසීමෙන් පසුවයි දොස්තර මහතා මා හදුනා ගත්තේ.
මේ දිනවල මාගේ මව විදේශ රැකියාවක නිරතව සිටි අතර, මවගේ බාල සොහොයුරියක වන මාගේ මැණිකා පුoචි අම්මා දිනපතා නිට්ටඹුවේ සිට බත්තරමුල්ලට පැමිණියේ මාහට රැකියාව ට යාමට ඇති හෙයිනි. නොයෙක් දෙනා මාහට ශරීර සුවතා මධ්යස්ථානයකට යාමට උපදෙස් දුන්නා වුවත්, මා තරයේ විශ්වාස කළ දෙයක් වූයේ, කිසිදිනෙක මාගේ දරුවා මෙහෙකාරියක භාරයේ තබා මා කොහේවත් නොයන බවයි. එමෙන්ම මා සේවයට යන බැවින් දරුවාට මා සමග ගතකිරීමට ලැබෙන හවස් වරුව කැපකිරීමට මා අකමැති විය. කෙසේනමුත් මාගේ තරබාරුව මාහට විශාල මානසික වධයක් වූ නමුත්, මගේ මව පැමිණීමෙන් පසුව පමණක් සිරුර හදාගැනීමට යාමට සිතාගෙන දරුවා වෙනුවෙන් මාගේ පූර්ණ අමතර කාලය යෙදෙව්වෙමි.
ඉතින් මෙලෙස, මා මාගැන අවතක්සේරුවෙන් සිටින කළ, දිනක්...එනම්...පෙබරවාරි මාසයක 13 වෙනි දින රාත්රී 12 පසුවී, 14 වන දිනය උදාවන මොහොතක, "පෙම්වතුන්ගේ දිනයේදී" ඉතාමත් සුන්දර රතු රෝස මලක් දුටුවෙමි. එය දුටුවේ මාගේ සැමියාගේ ජoගම දුරකථනයේ වූ පින්තූරයකිනි. සැණෙකින් මතුවුනු මෙම රතුරෝස මල එසැණින්ම නොපෙනී ගොස් වෙනත් පිoතූරයක් මතු විය. සැමියාගෙන් ඔහුගේ දුරකථනය ඉල්ලා සිටියද...දැන් ඕකෙ charge එක නෑ කියා ඔහු දුරකථනය සියතට ගත්තේය...එම මොහොතේ සිට "සැකය" මා තුළට ඇතුළු විය.
කවුද ඔහුට රතු රෝස මල එව්වේ....ඒකත් හරියටම පෙම්වතුන්ගේ දිනය උදාවත්ම....? ඇයි ඔහු මට එවෙලාවෙම දුරකථනය නොදුන්නේ...? චාර්ජ් නෑ කියලා බොරු කියන්න ඇති...යනාදී නොයෙකුත් සිතුවිලි වලින් මාගේ මනස ව්යාකූල විය. 14 වනදා උදයේ ඔහු හොදින් හැද පැළද සේවයට ගියේය..වෙනදාට විශේෂත්වයක් නොහැගුනද...ඔහු අද සුවිශේෂී වූ සුවද විළවුන් වර්ගයක් තවරා ඇති බව මට දැනුනි. මාද දරුවාගේ දවසේ මුල් කිරි ටික පොවා, දරුවා පිරිසිදු කර කඩිනමින් සේවයට යාමට සූදානම් වූයෙමි. මේ වන විට මාගේ මව විදෙස් රැකියාව අතහැර දමා මාගේ දරුවා වෙනුවෙන් මව් රටට පැමිණ සිටියාය. කණ්නාඩිය අසලට ගොස් මාගේ රුව නැරඹුවෙමි. කණ්නාඩිය පිරෙන්නට එකකි. සිරුර පමණක් නොව මුහුණද පළල්ව හරස් අතට මහත් වී ඇත. ආසියානු කාන්තාවන්ට දරුවන් ලැබූ පසු සිරුර සිහින් කරගැනීම පහසු නැත.
පෙම්වතුන්ගේ දිනය වැනි දෑ, මාගේ සැමියා විසින් මායිම් නොකරන ලද නමුත්...මම අවධානයෙන් සිටියෙමි. ඔහු එදින නිවසට පැමිණියේ රෑ බෝවීය. සැමියාට හොරෙන් ඔහුගේ දුරකථනය පරීක්ෂාවට ලක් කිරීමට සිතුවද එදිනම ඔහු එයට Screen Lock එකක් දමා තිබුණි. ඊට දින කිහිපයකට පසු ඔහු අළුත්ම යට ඇදුම් දුසිමක්ම මිළදී ගෙන තිබුණි. සැමියා විනෝදයෙන් ගී මුමුණමින් කල්ගත කරන බව මට පෙනුනු අතර, මාගේ දරුවාගේ රෝගී තත්ත්වය හා මාගේ සිරුර ගැන පසුතැවෙමින් මා ශෝකයෙන් කල් ගත කළෙමි. මැද සිත සැකයෙන් පෙළුණත්, යටි සිත කීවේ සැමියාව අවිශ්වාස නොකරන ලෙසටයි. අඩි 6 කටත් වඩා උස්වූ කුස ඉදිරියට නෙරා නොතිබුණු සිහින් සිරුරකින් හෙබි වූ සැමියා කාර්යාල ඇදුමට කඩවසම්ව පෙනුනු අතර, මාගේ තරබාරුව නිසා, එකළ මෙලෝ මිනිසෙකු මාගේ රූපය ගැන කිසිදු අවධානයක් යොමු නොකළේය.
කෙතරම් සාධක තිබුණත්, හරියටම තිතටම දෙයක් අල්ලා ගන්නා තෙක් ඉවසමි යි සිතා මාගේ සැකය සම්භන්ධයෙන් සැමියාට මානසික පීඩා නුදුන්නෙමි. ඒ සදහා අවශ්ය වූ මුහුකුරා ගිය මනසක් එදවස මාහට තිබුණි.
දවසක් ඔහුට නින්ද ගිය අවස්ථාවකදී ඔහුගේ ජoගම දුරකථනය පරීක්ෂා කිරීමට මට අවස්ථාව ලැබුනු අතර Lock එක ඇර ගැනීමටද හැකි විය. ....😃🤔
ගැහැණු පිරිමි සියළුම නම් වලින් ඇති Whatsapp, Viber හා Messenger පණිවුඩ පරීක්ෂා කළෙමි. රෝස මල නැත. සැමියා එය මාහට අසුවේ යැයි සිතා, එදිනම එය මකාදමන්නට ඇත. සිදුවීම අමතක කර දැමීමට සිතා ගත්තෙමි. මෙය සිතට වධයකි. හරියටම නොදන්නා දෙයක් සම්භන්ධයෙන් මා පසුතැවෙන්නේ ඇයි...මා අනෙකුත් වැඩ ගැන අවධානය යොමු කළෙමි.
දින කිහිපයකට පසු සැමියා ඔහුගේ ජoගම දුරකථනය මා අතට දී එහි Whatsapp පණිවුඩයක් තුළ තිබූ විනෝදජනක පුවතක් පෙන්වීය. එය තිබුනේ Whatsapp Group එකක් තුළයි. එම Whatsapp සමූහය නිර්මාණය කර තිබුනේ මාගේ සැමියාගේ පාසල් මිතුරෙකු විසින් ඔවුන් ඉගෙනගත් ආනන්ද විදුහලේ සමවයස් මිතුරන් ඈදා ගනිමිනි. එහි නම "83 Dudes" විය 😃. මෙම සමූහය තුළ නොයෙකුත් විනොදාස්වාදය ගෙනදෙන පිoතූර, නිරුවත් කාන්තා පිoතූර සහ නොයෙකුත් වීඩියෝ දර්ශන යනාදිය විය. මම මෙම සමූහයේ ඉහළට ගොස් පැරණි පණිවිඩ බලන්නට පටන් ගත්තෙමි...🌹🌹 අර රතුරෝස මල....පෙබරවාරි මස 14 වනදා 00.01 ට එවා තිබූ සුන්දර රතුරෝස මල එතුළ විය. 🌹🌹.
මුල් සිද්ධියෙන් පසුව මට හැගුනා වූ සුවද විලවුන්වල විශේෂිත වූ සුවද, සැමියාගේ ගී මිමිණීම් වැනි දෑ මාගේ සිතේ මැවුනු මනස්ගාත විය. ( ඊට පසුව කොහොමහරි කෙට්ටු වුනා....😃, දැන් කෝවිඩ් නිසා ආපහු ඒ size එකටම එයි වගේ..)
( Warning to my friends: nobody should comment with my fat pictures here..if anyone does...I am going to delete your comments then and there 😃🌹)

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන