බේබද්දො උල තිබ්බම හරිද?

බේබදුකම රටේ සංවර්ධනයටත් විශාල බාධාවක්. නීති වැඩිවෙන තරමට, ටැබූ එකක් වෙන තරමට වැරදි වැඩි වෙන බව මං හිතනවා. මම බේබදුකම නැවැත්වීම ගැන දන්නෙ නෑ. නමුත් ඕක මහා ලොකු දෙයක් වෙන්නත් බෑ.

විසි ගණන් වල මාත් හොඳටම කරා, සති අන්තයේ මත නිසා නිසාම dehydrate වෙන තරමට. ඒ ගොනා දැන් විකුණලා. ලෝබ නැතුව ගිය සතියෙත් බෝතලයක් හිතවතෙකුට දෙන්න පුළුවන්කම තිබුණා. දැං මොනා තිබුනත් අත වත් නොතියා ඉන්න පුළුවන්.


අපේ රටේ මිනිස්සු ස්ටයිල් එකට බොන්න දන්නෙත් නෑ. බෝතලයක් දැක්කම ඒක හිස් කරන කන් මෙලෝ සිහියක් නෑ. අනෙක ගමනක් ගියත් මූලික බීම මිසක් මිතුරු ඇසුර නෙමෙයි. මේක විශේෂයෙන්ම තියෙන්නේ අඩු අධ්‍යාපන මට්ටම් වල අයගෙ.

එක එක කාලෙට බීමත්කම ගැන එකේක සද්ද දානව. එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මතක් වෙන්නෙත් ඉඳහිට. දැන් මිනිස්සු ලයිසන් කඩ ගාව පොර කන නිසා. මාසයක් වහල තියලා බේකරියක් ඇරියත් ඔච්චර තමයි.
බේබදු කමෙන් ගලවන්න නීති දාලා වත්, බාර් වහල වත්, බණ කියලවත් බෑ. ඒ සඳහා රාජ්‍ය මට්ටමේ ස්ට්‍රැටජික් වැඩපිළිවෙළක් අවශ්‍යයි. තමුන්ගේ ආදායමේ හැටියට ස්ටයිල් එකට බොන විදිය කියාදීමත් ඒකෙ කොටසක් විය යුතුයි. 

උත්තරේ තියෙන්නෙ මේ පිළිබඳ විශේෂඥයින්ගේ අතේ. මතට තිත වගේ බොරු marketing නැතුව ප්‍රායෝගික, විද්‍යාත්මක, රාජ්‍ය වැඩපිළිවෙළක් හදන එක මාස හයක් ඇතුළත කරන්න පුළුවන්. සමාජ විද්‍යාත්මක ක්‍රමවේදයක් හරියට ක්‍රියාත්මක කළොත් රටේම බීමත්කම නවත්තන එකත් අවුරුදු පහක් ඇතුළත කරන්න පුලුවන් කියලයි මම හිතන්නේ.

ලංකාවෙ ලයිසන් ක්‍රමයත් බීමත්කම නවත්තන්න විශාල බාධාවක්. ඒකෙන් කරන්නෙත් ඒක ලබා ගන්න අපහසු දෙයක් බව පෙන්වලා උනන්දුව වැඩි කිරීම. නීත්‍යානුකූල මත්පැන් නිදහසේ මෙන්ම ඔන්ලයින් ලබාගන්න ඉඩ දිය යුතුයි.

සෙක්ස් උනත් එච්චරයි. ලිංගික අවශ්‍යතා කියන්නේ මානුෂික අවශ්‍යතා. තම තමුන්ගේ තත්ත්වය තරමට ඒවා සපුරාගැනීමට අවස්ථාව මිනිස්සුන්ට ලැබිය යුතුයි. ඒව නැති නිසා තමයි ලෝකේ වැඩිම බණ අහන, දහම් පාසල් වැඩිම මේ රට සෙක්ස් සර්ච් අතින් පමණක් නෙමෙයි ළමා හා ස්ත්‍රී දූෂණ අතිනුත් ලෝකයේ ඉහළම තැනක ඉන්නේ.

ප්‍රශ්න විසඳන්න බොනවා කියන එක බොරුවක්. හැබැයි ඒක තමයි ජනප්‍රිය එක්ස්කියුස් එක. බීමෙන් වින්දනයක් නෑ, සිගරට් ගඳයි, බොන අයගේ කොටයි ආදී බොරු කියලා ඕවා නවත්තන්න බෑ. දොස්තර මහත්තුරුන්ගේ බය කිරීමෙන් නවත්තන්නත් බෑ.

අධ්‍යාපනයත් අතිශයින් වැදගත්, අපේ යල්පැනපු පාඨමාලාවලින් නම් ඒක වෙන්නේ නෑ! අනික රටේ නිවාඩු අඩු කළ යුතුයි විශේෂයෙන්ම පෝය සහ අනිකුත් ආගමික නිවාඩු.

මේ මගේ සත දෙක, දශක කීපයක් තිස්සෙම නිලධාරීන්ගේ සහ පාලකයන්ගේ විකාර සහ ව්‍යාපාර දිහා බලං ඉඳල බැරිම තැන ලිව්වෙ!

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන