රතුපාට සුන්දරිය

මගේ ප්‍රථම රතුපාට සුන්දරිය....ඔබ කොහිද ...?
My Very First Car.....Toyota Trueno " 17 - 4398 "1500cc, Red 2 Door Manual Sports Car. ( Not a hatchback...there is a nite rider similar Mazda hatchback version)

This was a used car bought in 15 years ago around 2005, from Piliyandala...I love it. I was not doing a job then, after higher studies, and I was searching for jobs in the motor industry.

I can recall that I sold all my Gold Jewelleries to buy this sports car. Jewellery was gifted by my mother...no worries as I love cars than jewellery.

In 2009, I sold this to a car technician once I got an official car from my previous office Softlogic Uniwalkers Daihatsu section.
This never gave me any trouble on the road, it used to give troubles when parked at home only.

මේ ටික නම් සිoහලෙන්ම ලියන්නට ඕනෙ හිතට දැනෙන්න. මම 2009 දී සේවයට යන ගමන්, CIM කරා. සතියකට දවස් 4ක් පoති ගියා කාර්යාල වේලාවෙන් පසුව. මේ කාර් එකේ තමයි යන්නෙ මාගේ තවත් මිතුරු මිතුරියො එක්ක.
මගේ කාරයේ රියදුරු "මම" කකුල තියන තැන යට සිදුරක් ආවා. මේ සිදුර එන්න එන්නම ලොකු වුනා. එළවනකොට මේ කාරය පතුලෙ තියෙන සිදුරෙන් මට පාර පේනවා. සල්ලිත් තිබුනෙ නෑ මේක හදාගන්න 2009 අවුරුද්දේ අළුත් කාර් විකිණුනෙත් නැති නිසා.

( අතුරු කථාවක්....)
රුපියල් පනස්දාහක මුදලක් මගේ කාරය පිළිසකර කරන වැඩේට කලින් වෙන් කරල තිබුනා වුනත්, මගේ collegue Damian Strantenburg නිතරම සේවයට එන තුන්රෝද රථ රියදුරාගේ රිය කැඩිල, ඒක හදාගන්නකම් ඔහුගේ දරු පවුලට කන්න දීගන්නවත් නැතුවයි එම රියදුරා හිටියෙ, කුඩා දරු තුන්දෙනෙකුත් සමග අසරණ වෙලා. ඉතින් අර පනස්දාහෙන් 30,000ක් අර රියදුරාට දුන්නා ..(මේ threewheel සිදුවීම මෙතෙක් දැනගෙන හිටියෙ, මමත් මගේ collegue Damian Strantenburg සහ එම තුන්‍ රෝද රථ රියදුරා පමණයි. සුජීවත් මේ ගැන දැනගන්නේ අද, මේ post එකෙන්.)

ඉතුරු 20,000ත් ඊට සතියකට පමණ පසුව දෙන්න වුනා, මගේ ආයතනයේම වැඩ කරපු සේවකයෙකුට. වැස්සට එයාගෙ කුඩා ගේ පැත්තක් කැඩිලා. පස්සෙ මම පුoචි ගෙයක් හදන්න සැලසුම් කළා...ඒ දවස්වල මගේ boss තමයි Sujeeva Premaratne. ඊලඟට මම Softlogic Chairman අශෝක් පතිරගේ මහත්මයාව මුණ ගැහිලා කිව්වා මේ ගැන...අශෝක් ඇහුවා මගෙන් "සoජි...ඔයා කීයක් දානවද" කියලා. මම කිව්වා රුපියල් ව්සිදාහක් කියලා...අශෝක් හිනාවෙලා ගේ හදන ඇස්තමේන්තු වටිනාකමෙන් වැඩි ප්‍රමාණයක් දීමට පොරොන්දු වෙලා ඒ වෙලාවෙම ඒ මුදල ලිඛිතව සහතික කළා. Sujeeva Premaratne ත් රුපියල් 20,000ක් දුන්නා...තව අය දුන්නා ...නමුත් මට මතක නෑ. Contractor කෙනෙක් නොමිලේ කුඩා ගෙයක් හැදුවා. Lagath Jayarathna ඇතුළු Daihatsu සේවකයො හුගදෙනෙක් දවස් දෙකක් ශ්‍රමයෙන් උදව් වුනා..(අනේ අනිත් අයගෙ නම් මට මතක නෑ...ලගාත් ජයරත්නව මතක, එයා නටමින් පොළව කොටපු නිසා ගෙපැල හැදීමට).
ඉතින් දැන් අර පනස්දාහම ඉවරයි.

ආයෙමත් මගේ කාරයේ සිදුර ගැන.........
දවසක් මම රෑ අටට විතර CIM පoති ඇරිල කොල්ලුපිටියේ ඉදලා ගල්කිස්සට එනවා මගේ රථයෙන්. එවෙලෙ හොදටම වැස්ස..කොළඹ පාරවල් ටික ටික යටවෙන්න ගත්තා . මගේ කාරයේ පතුලේ තියෙන සිදුරෙන් වතුර ටික ටික කාරය ඇතුලට එනවා...සාමාන්‍යයෙන් අගල් 3-4 කටත් වඩා උසට කාරය තුලට වතුර එන්න ගත්තාම, මට හැගුනා මම පදින්නේ බෝට්ටුවක් මිස කාරයක් නොවෙයි කියලා..

මේ වෙලාවෙ මාත් එක්ක එකට CIM කරපු Damian Strantenburg සහ Roshan Angelo..හිටියා කාරය තුල. Nelum Goonetilleke..ඔයා හිටියද මේ දවසෙ...ඔයත් ගෙදර යන්නෙ අපි එක්කනේ....
ඉතින් කොහොමහරි මගේ Trueno මාව පාරෙදි අමාරුවෙ නොදමා පරිස්සමෙන් ගෙදරට ගෙනාවා. She is my lucky car. ( ඊට පස්සෙ ශක්ර දේවෙන්ද්රයාගේ පඩුපුල් ආසනේ උණු වෙලා...මට office කාරයක් ලැබුනා, Daihatsu Charade..)

මේ Toyota Trueno කාරයෙන් තනියෙම කොළඹ ඉදලා අනුරාධපුර එළෙව්වා තනියෙම පුoචි අම්මාගේ ගෙදරට...අනුරාධපුරයෙදි තමයි හරියට riverse කරන්න ඉගෙන ගත්තෙ.
Guys...කවුරුහරි මේකෙ නව අයිතිකරු දැක්කොත් මට කියන්න.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන