වාහන නඩත්තු වියදම් අඩු කරන ක්‍රම පහක්

1. හොඳ වාර නඩත්තුවෙන් (Scheduled Maintenance) අලුත්වැඩියා වියදම් අතිශයින් අවමකරගත හැකිවනු ඇත. කාලීන නඩත්තුව (සේවා) නිෂ්පාදකයාගේ කාලසටහන අනුවම කරන්න. ඔබගේ වාහන අත්පොතෙහි (Owners manual) මෙය ඇත, අනිවාර්යයෙන් පරිහරණය කරන්න. බොහෝ ආයතන අවශ්‍ය දේ නොකරන අතර අනවශ්‍ය දෙයට ඔබව පොළඹවනු ඇත. සේවා පරාස / පොත නැත්නම් අන්තර්ජාලයේ සොයන්න, බොහෝ දත්ත නොමිලේම ලැබේ. නිවාරණය ප්‍රතිකාරයට වඩා අතිශයින් අගී.
ඇතැම් දේශීය නියෝජිතයන්ගේ සහ ගරාජ, සේවා ආයතන වල ප්‍රකාශ වල වියදම් වැඩි, ගැටළු සහගත තැන් ඇත. නවීන වාහනවල සේවා දර්ශකය හොඳ මෙවලමක් නමුත් අත්පොත අමතක නොකරන්න.
වාහනය වගකීම් කාලය තුළ නම් සියලු ගැටළු නියෝජිතයා වෙත ගෙනියන්න. කාලීන නඩත්තු (සේවා) බාහිරව කිරීම ඔබගේ වගකීම අහිමිවීමට හේතුවක් නොවේ. නමුත් ඔබ විසින් කාලීන සේවා නිසි පරිදි කර ඇති බව ඔප්පු කල නොහැකි වුවොත් නිෂ්පාදකයාගේ වගකීම අහිමිවනු ඇත.
2. වගකීම් කාලය අවසන් වූ පසු බාහිර සේවා ආයතනවල අලුත්වැඩියා කළ හැක. කාලීන නඩත්තුව යනු එන්ජිමේ තෙල් මාරුකිරීම සහ සේදීම නොවේ. බාහිර ආයතනය නිෂ්පාදකයාගේ අවශ්‍යතා සපුරයිද, අනුමත ද්‍රව්‍ය භාවිතකරයිද යන්න කලින් විමසන්න. සේවා කිරීම සදහා අනිවාර්යයෙන් පුහුණු කාර්මිකයෙක් සහභාගිවිය යුතුය. බොහෝ සේවාකරුවන්ට නිෂ්පාදකයා නියමකළ දේ පිළබද අවබෝධය සහ දැනුම නැත. සුදුස්සෙක් සහ සුදුසු උපකරණ ඇත්නම් නියම අමතර කොටස් සහ දියර පාවිච්චිකර අඩු මුදලකට කාර්යය කලහැකිවනු ඇත. ඕනෑම අලුත්වැඩියාවකදී දේශීය නියෝජිතයගෙන්ද ඇස්තමේන්තුවක් ගැනීම ඉතා හොදය. ඇතැම්විට නියෝජිතයාගේ මිළ බාහිර ගරාජ වලට වඩා අඩු හෝ කාර්යක්ෂම වියහැක.
3. විශ්වාසවන්තභාවය සියල්ලට වඩා අගනේය, නමුත් අදාළ හැකියාව නැත්නම් ඉන් පලක් නොවේ. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කල නොහැක. හොඳ කාර්මිකයෙක් සම්පූර්ණ ඉතිහාසය අනිවාර්යයෙන් විමසා බලා තාර්කික නිගමනයකට (after a logical diagnosis process) එළඹෙනු ඇත. අවංකකම මෙම ක්ෂේත්‍රයේ හිඟ දෙයකි. මිත්‍යා මත පැතිරවීමට සහ නොදන්නා දේ කීමට බොහෝ අය දක්ෂය. සේවා සපයන්නාගේ Upselling වලින් ප්‍රවේශම්වන්න. වාහනය යට සේදීම, additives, protection film ආදිය නඩත්තුවට බොහෝවිට බලනොපායි. ඇතැම් දේ ඔබට කල හැක, (DIY - තෙල් මාරු කිරීම්, Wax කිරීම් ආදිය) නමුත් අත්හදාබැලීම් කිරීමේදී අතිශයින් පරිස්සම්වන්න.
4. OEM සහ Aftermarket අමතරකොටස් වාහන නිෂ්පාදකයාගේ (Genuine) කොටස් මෙන්ම හොඳ සේවාවක් ලබාදෙයි. නමුත් අප රටේ counterfeit (හොර ) අමතරකොටස් බහුලය. VIC, GMB, 555, Seikens, KYB, Exedy, NGK, NOK ආදිය ඉතා හොඳ වෙළඳ නාම වන අතර ගැටලුව වනුයේ ඒවා නියම ඒවාද යන්න දැනගැනීමයි. අදාළ අනුමත නියෝජිතයාගෙන් මිලදී ගැනීමට ඔබගේ ගරාජයට බලකර සිටින්න. OEM / Aftermarket මිළ Counterfeit part එකට බොහෝ වැඩි නොවන අතර Genuine parts වලට වඩා බොහෝ අඩුය. ඔබ Genuine parts ගන්නේ නම් එය දේශීය නියෝජිතයාගේ අලෙවිසලෙන්ම ලබාගන්න.Secondhand කොටස් බොහෝවිට ඉතා හොඳ සේවාවක් ලබාදෙයි. නමුත් අනිවාර්යයෙන්ම සතියක හෝ අවම වගකීමක් ලබාගන්න. ඔබගේ ගරාජයේ එකගතාවයද ලබාගන්න. ඇතැම් පාවිච්චි කළ අමතරකොටස් අලෙවිකරුවන් මාස 6 පමණ වගකීමක් ලබා දේ.
5. කාලය හරිනම් විකුණන්න. මේ දක්වා රථය කිසිදු වදයක් නොදුන්නා වියහැක. නමුත් සමහර වාහන වර්ග වලට අපේ රටේ අවුරුදු පහක් යනුත් ලොකු කාලයකි. මෙම තීරණය ගැනීමේදී වාහනයේ වර්ගය, ධාවනය, නිෂ්පදිත් වර්ෂය, ඔබේ අවශ්‍යතා සැපිරීම, අලුතෙන් ගතයුතු වාහනය ආදී සියලු පැති සලකා බැලිය යුතුය. වසර අටකට හෝ කි.මි. 200,000 වඩා ඉදිරියට කාර්යක්ෂම ධාවනයක් බලාපොරොත්තුවීම නොවටී.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන