ක්‍රිකට් පිටි රිලා නැටුම

හෝමාගම අන්තර්ජාතික ක්‍රීඩාංගන ව්‍යාපෘතිය කල් දැම්මලු.

පළවෙනිම දේ ඇයි මේක මේ වෙලාවේ ගෙනාවෙ කියන එක. ඊලගට ඇමතිවරුන්ටත් කියපුවා බොරුයි කියලා පිළිගන්න අයිසීසී එක මැදිහත් වෙනකම්ම ඉන්න වෙච්ච එක. රටට ගෞරවය ගෙනාපු මහේල, සංගක්කාර සහ මහානාමල ජාතිද්‍රෝහීන් වෙච්ච එක.
අන්තිමට රටේ ධනය සහ කාලය කාපු තවත් මීටිමකුත් තියල ඒක කල්ගියා. 

මේ ඔක්කොම රිලා නැටුම් වලින් පේන්නේ මේ රටේ දේශපාලකයෝ සහ බහුතර ජනතාව ඕනෑම හොඳ හෝ නරක ව්‍යාපෘතියක් දිහා බලන්නේ ඒක කරන්නේ තමුන්ගේ පක්ෂයෙන්ද, පෞද්ගලික වාසි තියනවද යන්න මිසක් එකෙන් රටට වෙන හොඳ හෝ නරක ගැන නෙමෙයි කියන එක. මේ මර උගුලෙන් ගැලවෙන කං රට ගොඩ යන්නෑ.

මගේ සත දෙක ඊළඟට.

කොළඹ නගරයේ තියෙන වාහනයක් නවත්තගන්න හෝ වෙනත් පහසුකම් පවා අඩු කෙත්තාරාම සහ තවත් එවැනි පිටියක් දෙකක් සංවර්ධන කටයුතු වලට අරං ඒ වෙනුවට හෝමාගම ආසන 40,000 හැදෙන එක නම් රටට හොඳ දෙයක් වෙයි.
නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඒ ඉවත් කරන නගරය තුළ තියෙන ක්‍රිකට් පිටි ගොඩනැගිලි වලින් පිරවිය යුතුයි කියල. නගරෙකට නිදහස් අවකාශ අවශ්‍යයි. පරිසර දූෂණයට පවා හේතුවන ක්‍රීඩා පිටි වෙනුවට ඒවා නාගරික වනාන්තර වැනි දේවලට යොදාගන්න පුළුවන් වෙයි.
රටේ හමුදා මූලස්ථානය පවා ඉවත් කරල හෝටල් හදපු රජයකට පමණයි මේ වගේ දේවල් කරන්න පුළුවන්. එතනදි වෙච්ච වැරැද්ද හමුදා මූලස්ථානය කොළඹ දිස්ත්‍රික්කයෙන්ම ඉවතට නොගොස් විමධ්‍යගත නොවීමයි මට හිතෙන විදියට. එහෙම වුනානම් වැඩේ ආර්ථික වශයෙනුත් ගොඩයන්න තිබුණා.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන