දැනුම විකෘති කිරීම

මේ ඊජිප්තියානු චිත්‍රශිල්පියෙක් මාධ්‍ය නිරූපණය කරපු හැටි. මාධ්‍ය වල කාර්ය භාරය විය යුත්තේ ඇහෙන දකින දේ ඒ අන්දමින් ම නිරූපණය කිරීම නොවෙයි. තොරතුරු සමාජ උන්නතිය උදෙසා නිර්වචනය කිරීම.
ඒ කෙසේවෙතත් අද වෙන්නේ ප්‍රවෘත්ති දේශපාලන ගැතිබව හෝ පෞද්ගලික වාසි උදෙසා විකෘති කිරීම.

ඒ තත්ත්වය මාධ්‍ය වල පමණක් නෙමෙයි රටේ උගතුන් තුල පවා දකින්න තරම් අවාසනාවන්ත වෙලා. එහෙම කියන්න ලගම හේතුව ඊයේ #biology සර් දාපු වීඩියෝව. එයා කලින් විකෘති කරපු පෙනිසිලින් සොයා ගැනීම, MCC ප්‍රතිලාභ සහ තවත් දේවල් වලට අමතරව ලමයින්ගේ සහ ජාතියේම බුද්ධිය මොට්ට කිරීමේ ක්‍රියාදාමය දිගටම, සරුවට කරගෙන යනවා.

ළමයින්ව ලෝකෙට වෛර කරලා ආපස්සට හරවන්න හදන මේ සර් ගිහින් ඉගෙන ගතයුතුයි ළමයින් ගෝලීය දැනුමට විවෘත කරන කැටවල කනිෂ්ඨ විද්‍යාලෙ විල්බට් රණසිංහ සර්ගෙන්.

ඉතිහාසය, දේශීය වෛද්‍ය ක්‍රම අප අවඥාවට ලක් කරන බවට බොරු චෝදනා කරමින් ආකර්ශනය අරං, අපේ රට මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ බටහිර ජාතීන්ගේ ශුක්‍රාණු මිශ්‍ර වීම නිසා බව කියමින් අද අපි අත්විඳින පරිහානියට සම්පූර්ණයෙන්ම වගකිව යුතු දූෂිත දේශීය දේශපාලකයන් ඒ වරදින් ඔහු නිදහස් කරනවා.
පුදුම විය යුතුත් නෑ ඔහු දැනටත් ඉන්නේ උගතෙක් සහ දේශපාලකයෙක් අතර සංක්‍රාන්තිසමයේ නිසා.


Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන