පරාජයේ 66 - Rout 66

අද සමාජ මාධ්යවල සංසරණය වුනත් බොහෝ දෙනෙක් එහි බැරෑරුම්කම වටහාගත් බවක් තිබුනේ නැහැ. එමෙන්ම ඇතැමුන් අර්ථකථනය කරලා තිබුණේ දැන් තත්ත්වයක් විදියට වුවත් මේකෙන් ඇත්තටම නිරූපණය වෙන්නේ අනාගතයේ අප මුහුණපාන භයානක තත්ත්වය.

මේක ප්රකාශයට පත්කළේ මේ සතියේ මුල ඉකොනොමිස්ට් සඟරාවෙන්. කියවෙන්නේ ලෝකේ අනිත් රටවල් එක්ක සාපේක්ෂව බැලුවාම වර්තමාන COVID 19 වසංගතයෙන් ශ්රී ලංකාවේ ආර්ථිකය වඩාත් දරුණු විදියට පීඩාවට පත්වෙන බව.
රටක ආර්ථික අවපාතයට බලපාන ප්රභවයන් හතර මත ආර්ථිකයන් 66 ක් ශ්රේණිගත කිරීමේදී ලංකාව 61 වන ස්ථානයේ. ඇන්ගෝලාව, ලෙබනනය, බහරේනය, සැම්බියාව සහ වෙනිසියුලාව අපට වඩා පහළින්.


ශ්රේණිගත කිරීම සඳහා රාජ්ය ණය, විදේශ ණය (රාජ්ය හා පෞද්ගලික යන දෙඅංශයෙන්ම) සහ ණය ගැනීමේ පිරිවැය එනම් පොලී අනුපාත, රජයේ ඩොලර් බැඳුම්කරවල ඵලදාව දිහා ඔවුන් බලල.
“අපි මේ වසරේ ඔවුන්ගේ විදේශ ගෙවීම් (ඔවුන්ගේ ජංගම ගිණුම් හිඟය සහ ඔවුන්ගේ විදේශ ණය ගෙවීම්) ගණනය කර මෙය ඔවුන්ගේ විදේශ විනිමය සංචිත සමඟ සංසන්දනය කළෙමු” economist මෙම එක් එක් දර්ශකයේ ශ්රේණිගත කිරීමේ සාමාන්යය අනුව රටක සමස්ත ස්ථාවරය තීරණය කරලා.
සඟරාවට අනුව, දකුණු කොරියාව සහ තායිවානය වැනි ශක්තිමත්ම රටවල් මේ නැගී එන රටවල ලැයිස්තුව සඳහා සුදුසුකම් නොලබයි. මෙම සමීක්ෂණයට අනුව බොට්ස්වානා ලෝකයේ ඉහළම ශ්රේණිගත රට.
රුසියාව සහ චීනය ඇතුළු බොහෝ විශාල ආර්ථිකයන්ද ශක්තිමත්. “අපගේ දර්ශකයන් හරහා නරක ලකුණු ලබා ගන්නා රටවල් බොහොමයක් කුඩා ඒවා” යැයි ඉකොනොමිස්ට් සඳහන් කරනවා.
දකුණු ආසියා කලාපයේ හොඳින් කළමනාකරණය කළ රටක් වන බංග්ලාදේශය චීනයට ඉහළින් 9 තැනගන්න ගමන් සවුදි අරාබියටද ඉදිරියෙන්.
ඉන්දියාව 18 වන ස්ථානය සහ පාකිස්තානය 43 වන ස්ථානයට පත්ව ඇත්තේ බොහෝ දුරට මෑතදී ජාත්යන්තර මුල්ය අරමුදලේ පැකේජ පිළිගෙන අඩු විදේශ ණය ප්රමාණයක් ඇති බැවින්. ඉන්දියාවේ ණය බොහෝ දුරට දේශීය වන නිසා බාහිර අනතුරු අවම බවයි සඟරාව පවසන්නේ.
මෙයට ප්රතිවිරුද්ධ ලෙස ශ්රී ලංකාව විශාල වශයෙන් විදේශීය හා දේශීය ණය බරින් මිරිකිලා. ආසියානු රටවල් අතරින් අන්තිම තැන.
ඉකොනොමිස්ට් කියනවා ශ්රේණිගත කිරීම්වල අවසන් රටවල් තිහ ඇමරිකානු ඩොලර් ට්රිලියන 17 ක් ණය බව. ශ්රී ලංකාව ඇතුළු එම තිස්දෙනාගෙන් දහඅටක ෆිච් ශ්රේණිගත කිරීම් කපාහැරලා දැනටම.
ශ්රී ලංකාව ඇතුළු පහළ රටවල් තිහ “ නරක තත්වයන් තුල සෙල්ලම් කරමින්” සිටින බවයි සඟරාව කියන්නේ . (The countries in the bottom thirty including Sri Lanka are “in distress or flirting with it,”)
ඉකොනොමිස්ට් අනාවැකි කියනවා අපනයන වලට වන හානිය පවා උග්ර වනු ඇති බවට.
අන්තිමට, මේ කියන්නේ අපි හිතනවාට වඩා යකා කළු බවයි, ඒත් අපි ඒ කළු යකා සමග සෙල්ලම් කරමින් සිටින බවයි.
පුදුමයක් නෙමේ නැව්වලින් ඩොලර්මිටි ගෙනත් පන්දාහෙ කොල වලට මාරු කරන්න වෙලා යනව කියන ඇමතිවරු ඉන්න රටක 😷🔫
https://economynext.com/economist-magazine-ranks-sri-lanka…/

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන