නැව ඉවර නෑ

නැවේ තෙල් වලට අමතරව ප්‍රසිද්ධ වෙලා තියෙන බඩු ලැයිස්තුව (manifesto) දැක්කම බය හිතෙනවා. අනතුර ගැන නියෝජිතයන්ට එවපු මුල් ඊමේල් පණිවුඩයත් මැකිලලු. 

ප්ලාස්ටික් පමණක් නෙමෙයි බැර ලෝහ වර්ග, තවත් රසායන ද්‍රව්‍ය වගේම lubricating oil පවා කන්ටේනර් වල තිබුණු බව ලැයිස්තුවේ තියෙනවා. මේවා ගිනිගෙන විනාශ වුණාද නැද්ද කියලා ප්‍රසිද්ධ වෙලා නෑ. මේවා එකවර වතුරේ දිය වෙන්නෙත් නෑ. 

ප්ලාස්ටික් ඇට වුනත් කන්ටේනර ඇතුලේ නොකැඩී තියෙනවනම් ගොඩට ගන්න පුළුවන් වෙයි. ලිතියම් හෝ වෙනත් බැර ලෝහ ඇත්නම් සාර්ථකව ප්‍රතිචක්‍රීකරණය කළ හැකියි ගොඩට ගෙන ආවොත්.

රස පරීක්ෂක ගියානම් දැන් පරික්ෂා කරලා වාර්තාවක් දීමට බල කල යුතුයි. ඇතැම් විද්වතුන් කියනවා ලොකු පරිසර හානියක් නෑලු. තවත් විද්වතුන් පිරිසක් කියනවා විශාල පරිසර හානියක් තියෙනවලු. රජය දැන් මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශ කළ යුතු බවයි මට හිතෙන්නේ.


පරිපූර්ණ විද්‍යාත්මක වාර්තාවක් දෙන්න රාජ්‍ය ආයතන වලට පහසුකම් නැත්නම් අන්තර්ජාතික සංවිධානයක් ඒ සඳහා යෙදවිය යුතුයි. 

හානිය තක්සේරු කිරීම මෙන්ම ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වෙන සම්පූර්ණ වියදම විද්‍යාත්මකව තක්සේරු කර රජය අදාල ආයතන වලට ඉදිරිපත් කළ යුතුයි හානි පූර්ණය කරන්න.

මම දන්නෑ මේවා කවුරු කළ යුතුද කියල. මෙය අති විශාල කාර්යභාරයක්. පරිසර සංවිධාන අනෙක් සියලු දේ දැනට අත්හිටුවා මේ ඛේදවාචකයට ප්‍රමුඛතාවය දීල ක්‍රියා කළ යුතුයි.

ප.ලි. පෙර ඡායාරූපය ඉවත් කරා distraction ගැන මිත්‍රයන්ගේ පැමිණිලි නිසා. හැබැයි distract වෙලා ඉන්නේ ඊළඟ ලයිව් එක එනකන් බලන් ඉන්න සමාජය. #conspiracytheories

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන