R.I.P Black Leopard

Shocking 😬😡😭
BLACK LEOPARD DEAD. Man and man alone is responsible for this dreadful disaster.

අද අපට නැතිවුනේ නැවත නොදැකිය හැකි, ජාතික වස්තුවක් තරම් වටිනා සතෙක්.
මෙතරම් දැකුම්කළු කළු  දිවියෙක් මීටපෙර වාර්තාවෙලා නැහැ.
එයා ජගුවරයෙක් තරම්ම විශාලයි.


උගුල් ඇටවීම් මුල් වැරැද්ද. නමුත් ඊට පස්සේ වුනේ දැනුවත් වැරදි. 
මේ සත්ව විද්‍යාව දන්නෙනැති මරණ පරීක්ෂණ දන්නෙත් නැති,
නමුත් පරිසරයට ආදරය කරන ජනතාව දැකපු කියවෙන කරුණු කිහිපයක්.


නිසි ක්‍රමවේද පාවිච්චිය කලින් වුනෙත් නැහැ. මේ පාරත් නැහැ.
පුහුණුව නැහැ, යුටියුබ් වීඩියෝවක් බැලුවනම් මීට වඩා හරි ක්‍රම පෙන්වනවලු.
උපකරණ නැහැ, සතාගේ මුනට දාන්නේ ජැකට් එකක්.
හැබැයි මදි නොකියන්න කැමරාකාරයෝ හිටිය.
අදින්නේ සතාගේ වල්ගෙන්.
අන්තිමටයි කෑගහන්නේ පෙට්ටිය ගෙනෙන් කියල
තුනට හතරට නවල ඔබන්නේ  මීමැසි පෙට්ටියක් වගේ එකකට.
වෙනම පරිසරයක හැදිච්ච සතාව ගෙනියන්නේ උඩවලවේ.


අහන්නත් කනගාටුයි පන නැති සතා වඩා වටිනා නිසා මේ එයාගේ ඉරණමද යන සැක  මතුවීම. 
…………….

මේ නයනක රන්වැල්ල ගේ වචන!
“ උඹ අපිට හැමදේටම වඩා වටිනවා
එත් අපිට උඹව බේර ගන්න බැරි වුණා.....
උඔ වෙනුවෙන් කරන්න පුළුවන් බොහෝ දේවල් ගැන අපි හැමෝටම කිව්වා.
නමුත් කවුරැත් ගණන් ගත්තේ නැහැ.
ඊයේ උඹ අන්තිම වතුර ටික බොන හැටි අපි බලාගෙන සිටියා තිරය ඉදිරියේ.
මේ මළ පුඩු අන්තිම නරකයි.
ඒවා නවත්වන්න නිවැරදි වැඩ පිළිවෙලක් දියත් කරන්න කියලා අපි වනජීවීයට
දශකයකටත් වඩා වැඩි කාලයක් කිව්වා.කවුරැත් ගණන් ගත්තේ නැහැ.
උඹ අපිට හැම දේම වගේ.ඒත් අපිට බැරි වුණා උඹව බේර ගන්න.
අවසානේ මළ පුඩු හසු කර ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනික මෙවළමක් අපිම මැදිහත්ව හැදුවා.
ඒත් ඊට කලින් උඹ යන්න ගියා.
සුබ ගමන්, ආයි එන්න එපා මේ රැදු ලෝකයට......”

This is from Senaka S. Kotagama
I am numb. I can't believe the world has lost such a magnificent & irreplaceable asset gifted to this world by nature.

The specimen we lost today is easily the most magnificent black leopard ever recorded in history - with physical specs almost akin to a good-sized jaguar.

It is unacceptable. Let us do everything to prevent anything of this sort in the future.
This effort needs good human beings to come together. Professionals in wildlife and conservation to come together. The leadership in the country to support every effort that is made to protect our natural treasures.

We can learn from this tragedy. We must.
What we lost today is a loss not just for the country. Planet earth lost a treasure that will never be replaced.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන