80% පුනර්ජනනීය ඉලක්කය


ලංකා සහ ඉන්දියා බලශක්ති කතාවස්තු යුගළ.

2016 අවුරුද්දේ අගමැති නරේන්ද්‍ර මෝඩි පටන් ගත්ත එයාගෙ පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ. පොඩියට නෙවෙයි, GW 175 ක් 2022 වෙනකොට. GW 100 සූර්ය බලය සහ GW 50ක් සුළං බලය එක්ක.

ඒ කාලෙදී මේක ලෝකෙ දැකපු වඩාත් ආකර්ශනීයම පුනර්ජනනීය බලශක්ති වැඩසටහනක්. විශේෂයෙන් මේ වෙනකොට සූර්ය බල මිල වැඩි තත්ත්වයක් තුළ. මෝඩි බොහොම ආඩම්බරයෙන් එක්සත් ජාතීන්ගේ Paris කාලගුණ සමුළුවේ දී මේ බව ප්‍රකාශ කළේ.

බලශක්ති අමාත්‍ය පියුස් ගෝපාල් එතන ඉදන් නිකං හිටියෙ නෑ. එපමණක් නෙමෙයි ඉන්දියාවේ බලශක්ති නිෂ්පාදන සහ බෙදා හරින ආයතන අපේ විදුලිබල මණ්ඩලය වගේ මේ ඉලක්කයට විරුද්ද වුණෙත් නැහැ. එමෙන්ම ඉලක්ක වෙනස් කරන්න උත්සාහකලෙත් නෑ.

ඉන්දීය බලශක්ති ආයතනය කමිටු පත් කරනකන් හිටියෙත් නෑ. වාර්තා ලිව්වෙත් නෑ මේ ඉලක්කය ළඟා කරගන්න බැහැයි කියන්න හේතු හොයන්න. තාක්ෂණික වාර්තා හැදෙන අතරතුර ඒගොල්ලො කරේ ටෙන්ඩර් නිකුත් කරපු එක විශාල ප්‍රමාණයේ සූර්ය බලශක්ති වැඩසටහන් වලට. ඉන්දියාව විතරක් නෙමෙයි ඒ වෙනකොට මුලු ලෝකෙම දැනගෙන හිටියා රහස තියෙන්නෙ ඉලක්කය සහ මිල මත බව.

ඉන්දියාව උදව් ගත්ත එක්සත් ජනපද ජනපද බලශක්ති විද්‍යාගාරයෙන් (NREL) . ඒ අය පෙන්නුවා මොනවද ලබාගත හැකි ප්‍රතිපල කියල. එමෙන්ම විශේෂයෙන්ම කොහොමද මේ විශාල බලාගාර පද්ධතියට සමපාත කර ගන්නේ කියල. ලෝක බැංකුව ඒගොල්ලන්ට සහාය දුන්නා අදාල පරිමාණයේ සූර්ය ව්‍යාපෘති වලට යන්න . GIZ උදව් කරා පවතින ගල් අඟුරු බලාගාර වලට පවා වඩාත් සූර්ය බල ශක්තිය ප්‍රචලිත කිරීම උදෙසා ක්‍රියා කිරීමට. UNEP විශාල වශයෙන් සහාය දුන්නා සූර්ය බල ශක්ති ණය ලබා දීලා.

පර්යේෂණ වාර්තා එන්න ගත්තා 2019 වෙද්දී. හැබැයි ඒ පර්යේෂණ කෙරුනේ කොහොමද මේ ඉලක්කයට නොගිහින් ඉන්නෙ, කොහොමද මේක නොකර ඉන්නේ, ඇයි අපිට බැරි මේක පද්ධතියට අනුගත කරගන්න කියන එක සනාථ කරන්න නෙමේ.
පර්යේෂණ කෙරුණේ කොහොමද මේ දේ කරන්නේ, නායකයන්ගේ සහ රටේ ප්‍රතිපත්තිය සාර්ථක කරගන්නේ කොහොමද කියන එක සඳහා පමණයි.

ඉන්දියා මධ්‍යම රජය පියසි මත සවිවෙන පද්ධතිවලට 40% ක මුල්‍යාධාර දෙන අතරතුර ප්‍රාදේශීය ආණ්ඩු ඒකට තවත් 30% එකතු කළා. ඉන්දියාවේ නිවෙස්වල සූර්ය බලය ගොඩනැඟුනේ සියයට හැත්තෑවක් (70%) දක්වා රජයේ ප්‍රතිපාදන මත.

මේ ක්‍රියාමාර්ග වලින් ඉන්දියාව ඒගොල්ලන්ගෙ පමණක් නෙමෙයි ලෝකයේම බලශක්ති මිල ගණන් පල්ලෙහාට ගෙනාවා පරිමාණය වැඩිකිරීමෙන්. කොටින්ම දැන් සූර්ය බලය පැය හයක බැටරි ගබඩා කිරීමත් එක්ක බැලුවමත් මිල අඩුයි වෙනත් ඕනෑම බලශක්ති මාධ්‍යයකට වඩා, ගල් අඟුරු එක්ක සැසඳුවත්.

ක්‍රියාමාර්ග ඉදිරියට යන ගමන් දැන් ඉන්දියාව සැලසුම් තවත් අලුත් කරලා, ඒ ගිගාවොට් පුනර්ජනනීය බලශක්ති ඉලක්කයකට 2030 වෙනකොට යන්න. ඒ ගිගා වොට් 300ක් සූර්ය බලය එකසිය හතළිහක් සුළං සහ හැටක් වහල මත සවි වෙන පද්ධති සහ ගිගාවොට් 34ක බැටරි ගබඩාකිරීම් සහ ග්‍රාමීය off grid system සමග.

දැන් හැරෙමු ලංකාව පැත්තට.

ජනාධිපතිතුමා ඉලක්කයක් ප්‍රකාශයට පත් කළා 2030 වෙනකොට ලංකාවේ බල ශක්තියෙන් සියයට අසූවක් පුනර්ජනනීය වෙන බවට ඒක ජාතික ප්‍රතිපත්ති වලට පවා ඇතුළත් වුණා.

මේවා ගැන රටම කතාවෙන කොට විදුලිබල මණ්ඩලයයි බලශක්ති අමාත්‍යාංශය එහෙම එකක් නෑ, එහෙම දෙයක් දන්නෙ නෑ විදියට තමයි හිටියෙ. විස්තර සහිතව පෙන්නලා දුන්නට පස්සේ ඒකට ලෝකේ කොහෙවත් නැති විදියේ අර්ථකතන දෙන්න ගත්ත. ඒ 80% පුනර්ජනනීය කියන්නේ 70% clean energy කියල වගේ ලෝකේ කොහේවත් නැති වචන ගෙනත්.

විදුලිබල අමාත්‍යාංශයෙන් ගෙනාපු පළවෙනි කැබිනට් පත්‍රිකාවෙම අඩංගු වුනේ එක ගල් අඟුරු බලාගාරයක් සහ ගෑස් බලාගාර කිහිපයක්. මේකත් ලියල තියෙන්නේ විදුලිබල මණ්ඩලයෙන්. ඊළඟට කැබිනට් එක අනුමත කළා ගල් අගුරු බලාගාර දෙකක්. නැවතත් ඒක වෙනස් කරා එකකට.

මේගොල්ලෝ නොදන්නවා නෙමෙයි එකම ගල් අඟුරු බලාගාරයක් හෝ පද්ධතියට එකතුවුනොත් 2030දී අපි යන්න ඉන්න 80% ඉලක්කය අමතක කරන්න වෙන බව. මේ යෝජිත ගල් අඟුරු බලාගාර අලුතෙන් එකතු කරයි 20% ඉන්ධන මත යැපෙන විදුලිය. මෙහෙම ගියොත් ගෑස් බලාගාරත් එක්කම පුනර්ජනනීය ප්‍රතිශතය 50% ක ට විතර තියෙයි අනාගතයේ දී.

විදුලිබල මණ්ඩලය දැන් ජනන සැලැස්මක් ඉදිරිපත් කරල තියෙනවලු අනුමැතියට, මේවා ඇත්තටම ප්‍රසිද්ධ කරල නෑ. නමුත් ඒ ගැන කියවෙන්නේ මේ සැලැස්ම අනුව පුනර්ජනනීය ශක්තිය දැනට තියෙන 40% ඉඳන් 35% ට අඩු කරන විදියට. ඒ කියන්නේ ජනාධිපති තුමාගේ සැලැස්ම ගෙනියන්නෙ අමතක කරනවා පමණක් නෙමෙයි දැන් තියන තත්වය තවත් පල්ලෙහට ගිහින්. දැනගන්න තියෙන විදිහට විදුලිබල මණ්ඩලය මේ පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු දැනගැනීම පවා අවහිර කරලා.

ඒ අතරතුර කියවෙනවා මන්ඩලය මෙතෙක් කිසිම අධ්‍යනයක් කර නැති බව, කොහොමද ජනාධිපති තුමාගේ ඉලක්කයට යන්නේ කියල. නමුත් ඉලක්කයට සම්පූර්ණ විරුද්ධ විදිහට කොහොමද අනාගතයේ දී පොසිල ඉන්ධන භාවිතයෙන් බල ශක්තිය සපයන්නේ කියන එකට යන ගමන්.

දැන් බලශක්ති අමාත්‍යාංශය කමිටුවක් පත් කරලා තියෙනවා තාක්ෂණික විශේෂඥන් එක්ක. මෙතන ඉන්නවා විදුලිබල මන්ඩල ඉංජිනේරුවෝ, එතනින් එක්කෙනෙක් ගිය අවුරුද්දේ රූපවාහිනියට ඇවිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරා සූර්ය බල ශක්තිය ගබඩා කරන්න බැහැ ඒක හින්දා පුනර්ජනනීය බලය වැඩකට නැති දෙයක් කියලා. දැනගන්න තියෙන විදිහට කමිටුවට ඉලක්කයක් දීලා නෑ, විස්තර කිරීමක් විතරයි කරල තියෙන්නේ. දීලා තියෙන එකම ඉලක්කයත් කළ නොහැකි දෙයක්, එනම් මාස තුනකින් වාර්තාව දෙන එක.

ජනාධිපති තුමාගේ ඉලක්කය ප්‍රකාශයට පත් කරලා දැනටත් මාස නමයක් ගිහිල්ලා අපි තාම සැලසුම් හදන්න සැලසුම් කරනවා.
මේ ඉලක්කය ඉදිරියට ගෙනාපු වියත්මග වට්ස්ඇප් කණ්ඩායම මෙතනදි අකර්මණ්‍ය වෙලාලු. දැන් ඒකෙ ප්‍රධානීන් වන විදුලිබල මණ්ඩලය නියෝජිතයෝ උත්සාහ කරනවා ජනාධිපති තුමාගේ ඉලක්කය වැරදියි කියන්න.

අපිට කිසිම ප්‍රායෝගික සැළසුමක් නෑ කොහොමද අවම වශයෙන් ගිගාවොට් නමයක සූර්ය බලශක්ති සුළං biomass සහ ජල විදුලිබලාගාර වලින් අවශ්‍ය බල ශක්තිය, දැනට මෙගාවොට් 900 නිපදවන්නේ කියල. ප්‍රධාන පුනර්ජනනීය ව්‍යාපෘති සියල්ලම මණ්ඩලයෙන් අවහිර කරලා තියෙනවා පසුගිය වසර පහ තුල (NCRE - Small Renewable Projects with Feed in Tariff ). ඒවගේම මේ වෙනකොට කල් ඉකුත් වෙලා තියෙන කුඩා ජල විදුලිබලාගාර ගිවිසුම් අලුත් කරල නෑ. මේ ප්‍රමාණය දැනට මෙගාවොට් අසූවක්. ජල විදුලිය අමතක කරලා ඒ වගේ දෙගුණයක් ගෙවලා අපි පෞද්ගලික ඩීසල් බලාගාර වලින් විදුලිය මිලදී ගන්නවා.

තවත් පැත්තක් මේ. මණ්ඩලය දැන් සැලසුම් කරන්නේ කොහොමද පියසි මත සවිවෙන සූර්ය බල tariff එක අඩු කරන්නෙ කියලා. පසුගිය වසර තුළම පුනර්ජනනීය බලය පද්ධතියට එකතු වුණේ 70 MW පමණයි. කිසිම සැලසුමක් නෑ 80% ඉලක්කයට යන්න පියැසි වලින් අවශ්‍ය අවම ප්‍රමාණය වන මෙගාවොට් 200 ක් අවුරුද්දකට ගන්නෙ කියලා පද්ධතියට.

මේ කකුලෙන් ඇදීම්, අවහිරකිරීම් කෙරෙන්නේ ගෝලීය සහ දේශීය විශේෂඥයින් නොනවත්වා කියද්දී මේ ඉලක්කයට යන්න කිසිම තාක්ෂණික බාධාවක් නැති බව. එපමණක් නෙමෙයි, ඒ බාධා කිරීම් කරන්නේ ඇත්ත දැනගෙනත්, එනම් පුනර්ජනනීය බලශක්ති දැනට ලංකාවේ භාවිතා වෙන ඕනෑම බලශක්ති ප්‍රභවයකට වඩා 60% වත් ලාබදායී බව.

මොන රජය ආවත් මේවා වෙනස් වෙන පාටක් පේන්න නෑ. විදුලිබල මණ්ඩලයට තියෙන්නෙ එක ප්‍රතිපත්තියයි, ඒ කොහොමද පුනර්ජනනිය බලශක්තිය අවහිර කරන්නේ යන්න. ඒ ගල් අඟුරු ප්‍රවර්ධනය කරන ගමන් ඒවායින් වෙන රටට වෙන අධික ආර්ථික අවාසිය සහ පාරිසරික බලපෑම අමතක කරන ගමන් හොඳින්ම දැනගෙනත්.
ඇත්තටම ඔවුන් කරන්නේ ගල් අඟුරු ගැන කතා කරන ගමන් පෞද්ගලික අංශවලින් ඩීසල් බලශක්තිය සහ හදිසි මිලදී ගැනීම් කිරීම. ඒ නිකම්ම නෙමේ, විදුලිබල මණ්ඩලය රටේ විශාලම පාඩු ලබන එමෙන්ම අධිකවම මහජන මුදල් කාබාසිනියා කරන තැනට පත් කරමින්.

මෙතන සටහන් කෙරෙන්නේ රටේ වෙන ආර්ථික සහ පාරිසරික හානියෙන් ඉතාම සුළු ප්‍රමාණයක්. අපි ඉතා අවාසනාවන්ත ඛේදවාචකයක කොටස්කාරයෝ. සුළු ප්‍රමාණයයි දන්නේ මේ ඛේදවාචකය ඉවර වෙන්නේ කොහොමද කියල. නමුත් කළ හැකි දෙයක් නෑ පිළිකුලෙන් යුතුව බලා සිටීම හැර, ජනතාවගේ ජීවිත සහ මුදල් පැහැර ගන්න හැටි.
ඔබ yes minister / yes prime minister කතාවේ සර් හම්ප්‍රි ව මතක් කර ගත්තොත් අපේ නිලධාරිවාදය ඊටත් වඩා පිළිකුල් සහගතයි. මොනම රජයක ඉලක්කයක් වුණත්, මොනම සාධනීය ප්‍රතිපත්තිමය කරුණක් වුනත් අන්තිමට ගලක් වගේ මැද්දෙන් හිට ගන්නවා කාලකන්නි පෞද්ගලික වාසි උදෙසා.

අවසානයේ, බලශක්ති ක්ෂේත්‍රය තමයි සංවර්ධනය කරා රට ගෙනියනවා ද යන්න තීරණය කිරීමේ දී ඕනෑම රජයකට ඇති හොඳම පරීක්ෂණය. සමත්ද අසමත්ද කියල බලනකොට හැමදාම පරක්කු වැඩියි.

මේ බලශක්ති විශ්ලේෂකයෙක් වන ආචාර්ය විදුර රළපනාවගෙ (
Vidhura Ralapanaweඉංග්‍රීසි ලිපියක අනුවර්තනයක්.


 — with 

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන