තණමල්විල කොල්ලෙක්

කොන්වෙයි කියන බයට මේ දවස්වල ලොකුවට කතා කෙරන තණමල්විල කොල්ලෙක් බැලුවා. ගමට ආස අය ඇලෙන පරිසරයක් විතරක් දැක්ක. 
කලාත්මක අතින් බැලුවත් හොඳ රූපරාමු ඇරෙන්න වෙන දෙයක් නම් දැක්කේ නෑ. නමුත් ඒවා පවා එපා වෙනකං අදිනවා.


මිත්‍ර සමාගමේ සහ රස්තියාදුවේ පිහිටෙන් නන්නත්තාර වෙන තාරුණ්‍යය විතරයි දැක්කෙ. හරිනම් ඊලඟ එක වෙනකොට එකෙක් ත්‍රීවිල් එකකුත් ගමට ගෙනා යුතුයි නැත්නම් අතාත්විකයි.

ඒ කොහොම උනත් මේක trending වෙන්නේ ඉන්දියානු ආක්‍රමණයෙන්, දෙවැනි ඉනිමෙන් නන්නත්තාර වෙච්ච තාරුණ්‍යයෙ ගැලවුම්කාරයා විදියට. පව්.
තව කනගාටුවක් දැනුණා, කවදාවත් මට වීදි නාට්‍යයක රඟපාන්න බැරි වෙච්ච එක ගැන 😞


ප.ලි.
බාගයක් පමණම කමෙන්ට් මගේ මතයට විරුද්ධව නිසා මේ update එක.
මම ලිව්වෙ විචාරයක් නෙමේ. කලා විචාරයට මගේ ඇති හැකියාවකුත් නැහැ. අනික මම teledrama බලල පාඩම් ඉගෙන ගන්න යන්නෙත් නෑ.

මේක ගැන ඇහුවම මට හිතුනෙ අද කියන සමාජ විකෘතිය මේකේ පෙන්නුම් කරන බවක්. නමුත් දැක්කෙ අපි මීට දශක ගණනකට එහාත් අත් විඳපු රස්තියාදුව විතරයි.
අවම වශයෙන් කතාවේ ගලායෑමක් මම දැක්කේ නෑ. සජීවීව යනකොට තියෙන commercial breaks ගැන නෙමෙයි මම කියන්නේ ොඳ නරක කොහොම තිබුණත් එකම රූපරාමුව හේතු විරහිතව ඇදගෙන යන සම්ප්‍රදායෙන් මේකත් ගැලවිලා නෑ.

මම තරුණ කාලෙ කරපු කියපුව වගේම ලොකු ටෝක් දෙන කොල්ලො සෙට් එකක් සහ වැඩිහිටියන්ගෙ මහා පරිමාණයේ කතා විතරයි දැක්කේ.

දශක ගාණක් පරණ විරාගය බලන්න, ඒවත් අංගසම්පූර්ණ නෑ නමුත් මේවා කැලේ.
රටේ තාරුණ්‍ය නන්නත්තාර වීමේ සැබෑ හේතුව මේකෙ නෑ කියලයි මට හිතුනෙ සමහරවිට ඒ මම බලපු episode එකේ විතරක් වෙන්නත් ඇති. ඒ හේතුව නම් ගමට නගරයට කියලා වෙනස් නෑ.

නාට්‍යයක් බලන්නේ මම නම් අපි අත්දුටු දේවල් ඒ විදිහටම දකින්න නෙමෙයි එතැනින් එහා මානයකට යන්න බලාගෙන.

අටපට්ටම නිසා ITN වැඩිම ප්‍රේක්ෂක පිරිසක් බලන නාලිකාව වුණේ කොහොමද කියන එකත් මට නම් ප්‍රශ්නයක්. හැබැයි පුදුමෙකුත් නෑ රටේ බහුතරයකගේ විඥානය දිහා බැලුවාම ආගමික ජාතික දේශපාලනික හැම පැත්තකින්ම.
Enjoy anyways, මේ අපේ රටයි 😊

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන