ගල්අඟුරු සහ ඩීසල් සම්බන්දෙ

බලශක්තිය ජනනයෙදී අවම වියදම සහ අවම පරිසර හානිය විශේෂයෙන් සැලකිය යුතුව තිබුණත් ඒ දෙකෙන් එකක්වත් සැලකෙන්නේ නැති බවයි බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රැළපනාවගෙ වාර්තා පෙන්වා දෙන්නේ.
විදුලි බල මන්ඩලය ලංකාවේ වැඩිම පාඩු ලබන රාජ්ය ආයතනයක්. එහෙම තත්වයකදී අධික වියදම් සහිත ඩීසල් බලාගාර ජනවාරි සිට මාර්තු දක්වාම පාවිච්චි වෙනවා ලාභ ජලවිදුලිය පැත්තකින් තියල.

මේවායින් ගිගාවොට් පැය 23.7 නිෂ්පාදනය කරලා තියෙනවා, එක ඒකකයකට රුපියල් 62ක දළ වියදමක් සහිතව. එනම් රජයේ වියදම මේ කාලය තුළ පමණක් බිලියන 1.4 ක්.

ඒකකයට රුපියල් 62 ක වියදමක් තියෙන ඩීසල් බලාගාරයක් තියෙන්නෙ හදිසි අවශ්යතාවයකදී හෝ පද්ධතිය තුලිත කිරීමකදී භාවිතයට පමණයි.
ඒකකයක දළ වියදම ගත්තොත් ජලවිදුලි රුපියල් 4 යි, ඩීසල් ඒකකයක වියදම රුපියල් 26 දක්වා, ගල් අඟුරු වල වියදම රුපියල් 14 වෙද්දි සූර්ය බලය රුපියල් 16 දක්වා.
........


ඔය ගිය සතියේ වෙනකන් තත්ත්වය. නමුත් ඊයේ (22) තවත් නරක් වෙලා හෝ නරක් කරලා.
අපි හිතාගෙන හිටියේ හොඳට වහින නිසා ජලාශවල ඇතිවෙන්න වතුර තියෙයි කියලා ජලබලාගාර දුවවන්න ලාභ විදුලිය සඳහා මේ ආර්ථිකව අමාරු කාලෙ.
නමුත් කාගේ හරි වාසනාවට ඊයෙ නොරොච්චෝලේ Unit2 කැඩිලලු.
මේ අවුරුද්දේ ගල් අගුරු බලාගාර කඩාවැටීම් එනම් breakdown ඉතිහාසය ගැන කිව්වොත් යුනිට් 1 ජනවාරි. ඊළඟට නැවතත් ඒකම පෙබරවාරි. අප්රේල් වල unit 3 දැන් unit2 මැයි මාසෙට.

ජුනි මාසේත් තව breakdown එකක් බලාපොරොත්තුව ඉමු.
මේ පාර කැඩෙන්න හේතුව coupling එකක්ලු නමුත් බලශක්ති විශ්ලේෂකයෝ දකින්නේ ඩීසල් සහ ගල් අඟුරු අතර තියෙන හොඳට වැඩ කරන coupling එකක්, කුප්රකට ඩීල් එකක්.
මේ ඩීල් ගැන හොඳට පැහැදිලි කරන්න දන්න නොරොච්චෝලේ ඉන්න අපේ ඉංජිනේරු මිත්රයා Madhawa Nadunmal ටැග් කරන්න හැදුවත් එයා මාව බ්ලොක් කරල 😁

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන