තාත්තා

පාපෝච්චාරණයක්!

තාත්තා මහ ගහක් විදියට මම එදා දැක්කේ නෑ. හේතුව තාත්තා ඒකාධිපතියෙක් නොවුන නිසා. තාත්තා අපිව නීති වලට යට කරලා හැදුවේ නැහැ. ඕන දෙයක් උපේක්ෂාවෙන් දැක්කා. හරි හෝ වැරදි වෙන්න පුළුවන්, ඒක තමයි  අදටත් මගේ ක්‍රමය.

අවුරුදු සිරිත් එයාගෙන් පුරුදූ වුනෙත් නැහැ, මම ජ්‍යෝතිෂය හෝ නැකැත් විශ්වාස නොකරන නිසා වෙන්න ඇති. හැබැයි කාලිංග මාඝ ලංකාවට ගෙනාපු අවුරුද්ද දැන් සංස්කෘතියෙ කොටසක්.


මේ අලුත් අවුරුදු ක්‍රීඩා අතරතුර ගත්තු ඡායාරූපයක්. ආපහු හිතල බැලුවම තේරෙනවා ඔහු මගේ තාත්තා පමණක් නොවෙයි මගේ නිදහස් චින්තනයෙන් පියා කියල. 

තාත්තාගේ සෞඛ්‍යය ගැන මා වඩාත් සැලකිලිමත් වූවා නම්, ඔහුව දැනුවත් කලානම් එයා තවමත් ජීවත් වෙන්න තිබුණා 😥

Comments

Popular posts from this blog

පාපැදියෙන් කොළඹ යමු

BMW 5 Series - F10

National Policies