සිගරට්ටුව, කාර් සහ පෙනහැල්ල

මේ කතන්දරේ වොයිස්ටයිප් කරන්නෙ කොමෝඩ් ෆන් එක ගන්න ගමං. වෝල් එකේ යද්දි ශ්‍රීමාල් අයියගේ සිකැට් පින්තූර දැක්කම මතක් උනේ තාත්තව, ශරීරකෘත්යයට සිගරට් එක ඕනම වුන නිසා. එයාගෙ ප්‍රියතම ත්‍රීරෝස්. තව ඉතිං ෆෝරෙස්, කැප්ටන්, නැවිකට් එහෙම තිබුණා. ඒවායේ නියම නම් අහන්න එපා. දැං උංගේ සිංගිරිසි ඊට එහා.

සිගරට් බීම හන්දා තාත්තගේ කකුලෙ ඇඟිල්ලක් කපපු දවසෙ ඉඳල එයා සිගරට් බීම නැවැත්තුවා. කකුලම නොකපා බේර ගත්තේ අමාරුවෙන්.

මං බීපු පළවෙනි සිකැට් එකේ ජාතිය අදටත් දන්නෙ නෑ. ඒක වුණේ මායි ඥාති අයියා කෙනෙකුයි ගේ ඉස්සරහ පේර ගහේ හිටියා. අවුරුදු දුසිමකට අඩුයි මට මං හිතන්නේ. ඉස්සරහ බස් හෝල්ට් එක. මහත්තයෙක් මහප්පාගේ කඩෙන් ගත්තු සිගරැට් එකක් පත්තු කරගත්තු ගමන්ම බස් එක ආවා, දැම්ම බිම. මේක බිම දුං දානවා බලං ඉන්නකොට අපේ පපුව දාල ගියා.
අයියට මට වැඩිය අවුරුද්දයි කෙලින්ම ගහෙන් පැනල ගිහිල්ල අහුලං ආව. දෙන්නත් එක්ක පේර ගහ උඩට වෙලා හොඳට සිගරට් එක ගහලා ඊට පස්සේ පේරකොළ කාල ගෙට ගියා.

ඔය පුරුද්ද දවසකට 20 පැකට් එකක් දක්වාම දුර ගියා, දශක දෙකක් විතර. හැබැයි නවත්තලා දාන්න කිසිම අමාරුවක් උනේ නෑ, දවසක් අකමැති රහක් ආවායින් සිගරට් එක බොන්න එපා උනා, පැකට් එකෙ ඉතුරු ටිකත් එහෙමම තිබුණා මාසයක් විතර කාට හෝ දෙනකං.
හැබැයි නවත්වලා දාන්න උවමනාව නම් තිබුණා, ඉබේම වෙච්ච දේකුත් නෙමෙයි. පුරුදු වෙලා හිටිය ජාතිය වෙනස් කරාම ආසාවත් නැති වුණා. ෆන් එකට එකක් අදියි ඉඳහිට, හැබැයි දිගට ඕන වෙන්නෑ.
කොල්ලා කාලේ නම් සිගරට් බිව්වේ ආතල් එකට වැඩිය ඉට්ටැයිල් එකට. ඒ හරක් දැං විකුණලා. නවත්තගන්න අවශ්‍ය කෙනෙකුට මගේ උපදෙස හෙම්බිරිස්සාව තියෙන වෙලාවකට සිගරට් දෙක තුනක් බොන්න කියලා ඒකෙන්ම එපා වෙන්න ඉඩ තියෙනවා.

මෙච්චරකල් කැහි කූර නැතුව බොග දාගන්න බැරි වෙලා හිටපු අයට දැන් හොඳට පුලුවන්ලු. ඔන්න පුරුද්ද කඩා ගන්නවා නම් වෙලාව. ඒ කාලේ වගේ නෙමෙයි මේක විශාල ආර්ථික හානියක්, පෞද්ගලිකව පමණක් නෙමෙයි රටටත්.

විශේෂයෙන්ම නාගරිකව ජීවත් වෙන අය දූශිත වායු වලට සහ වාහන වලින් පිටවෙන මරණීය තර්ජන එන pm2.5 පදාර්ථ වලට නිරාවරණය වෙලා. ඒකට සිගරැට් දුමත් එකතු උනහම පෙනහළු වලට වෙන හානිය ආපසු හැරවිය නොහැකි යි. corona නිසා වැඩිපුරම සංකූලතා වලට මුහුණ පාන්නේ සහ මැරෙන්නේ වායු දූෂණයට සහ සිගරට් දුමට නිරාවරණය වූ අය.

තව ඕන්නං මෙතනින් දැනගන්න https://evrev.lk/20…/…/10/air-pollution-causes-covid-deaths/

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන