Posts

පාං නැත්තං කේක් කාපල්ලා!

Image
ලංකාවේ කැලෑ ආරක්ෂා කරගන්න අවශ්‍ය එක් දෙයක් දැව ආනයනය බදු නිදහස් කිරීම. එමෙන්ම ලංකාවේ පාම් ඔයිල් වගාව අධෛර්යමත් කරන්න නම් edible තෙල් ප්‍රමිති ගතව අඩු බදු මත ආනයනයට සියලු ඉඩ සැලසිය යුතුයි. ලංකාවේ පරිසරය වනසන සීනි සහ කඩදාසි වැනි කර්මාන්ත සඳහාත් කල යුතු මෙයමයි. ඒවා අපි වගේ පොඩි රටවල් වලට ගැළපෙන හෝ ආර්ථික වශයෙන් කිසි දිනෙක ගෝලීය ආර්ථිකයක් තුළ සාර්ථක කළ හැකි ව්‍යාපාර නෙමෙයි. ප්‍රතිපත්ති සහ පාලන ක්‍රම හදාගන්න නොහැකියාව වහගන්න කලයුතු හැමදේම තහනම් කරගෙන යෑමත් නොවෙයි. ඒක කරන්න ආණ්ඩුවක් අවශ්‍ය නෑ. අපිට අඩුව හිටියේ දේශීය මාරි ඇන්ටොයිනට් කෙනෙක් විතරයි, දැන් ඒකත් හරි ද මන්දා! මිං පස්සෙ පාන් සුද්දන්ට විතරයි, දේශීය අපි ආසනික් පිරිච්ච බත්ම ගිලිමු 😁🔫

Churchill & the Chauffeur

Image
Winston Churchill said: "I took the taxi one day and went to the BBC office for an interview...and when I arrived I asked the driver to wait for me for forty minutes until I got back!   But the driver apologized and said 'I can't because I have to go home to listen to Winston Churchill's speech'  Churchill says he was amazed and delighted with this man's desire to listen to his conversation!   So Churchill took ten pounds and gave it to the taxi driver without telling who he was. When he collected the money he said: "I'll wait hours until you come back, sir! And let Churchill go to hell!  * Principles have been modified against money * Nations were sold for money * Honor was sold for money. * People were killed for the money Finally, politicians only gave so much power to money and made people their slaves! Pictured Reginald Parker, once Mr. Churchill s chauffeur, outside No 10, Dawning street.

ඊවී වලට එන්ජින් දාමු 😜

Image
සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙන කාර් ගෙනල්ලා ලංකාවෙ පරිසරය සහ වායුගෝලය ආරක්ෂා කරන බව ඇමති කෙනෙක් කියල තිබුණා. මේ ලෝකේ නැති දේවල් ගැන කතාකරනවට වඩා රටේ ආර්ථිකය  පරිසරය සහ ප්‍රවාහනය නංවන්න වසරකින් සාර්ථකව කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන කලින් ලිව්ව, ලින්ක් එක කමෙන්ට් කරන්නම්. විදුලි රථ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉතා පහසුවෙන් කළ හැකි එමෙන්ම කළ යුතු කරුණු දෙකක් නම්;  ආරෝපණ මධ්‍යස්ථාන රාජ්‍ය අනුග්‍රහයෙන් ඇති කිරීම. සෑම ප්‍රධාන මාර්ග කිලෝමීටර් 50 කටම අවම වශයෙන් එක් ආරෝපණ මධ්‍යස්ථානයක් හෝ රාජ්‍ය ප්‍රතිපාදන මත ඉදි කිරීමට පෞද්ගලික අංශයට උදව් කිරීම. බැටරි ආනයනය සදහා ඇති බාධා ඉවත් කිරීම සහ නීත්‍යානුකූල කිරීම. මේ සම්බන්ධයෙන් අපත් යම් දේවල් රජය සමඟ කරගෙන යනවා. විදුලි වාහන කියන්නේ 2014 ට ඉස්සෙල්ලා හදපු Leaf විතරක් නෙමෙයි නමුත් ඒවයෙ ප්‍රශ්නයත් සාධාරණයි. එහෙම කිව්වත් විදුලි වාහන වල වටිනාකම සහ ප්‍රයෝජනය දැනගෙන ඒව ගත්තු මුල් අයිතිකාරයෝ ගාව ඒ ලීෆ් තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒව වුනත් දැන් තියෙන්නෙ පසු අයිති කාරයෝ ගාව. ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වෙන්න කොහෙත්ම හේතුවක් නෑ, ප්‍රශ්නෙ දැනගෙන ගත්තු නිසාත්, ගත්තෙ ක...

I ❤️ range anxiety!

Image
කතාව ගිය සතියෙ මං ලංකා විදුලි රථ සංගමයේ දාපු පෝස්ට් එකක්. හැබැයි පින්තූරෙ දැම්මෙ වෙන පෝස්ට් එකක උඩ තියෙන caption එකත් එක්ක. Range වැඩි වෙන එක හැම අතින්ම හොඳයි 😉 මගේ වෝල් එකේ ඉන්න අය විදුලි රත ගැන වැඩිය නොදන්න නිසා අටුවාව කියලම ඉන්නම්. මේ බලශක්තිය වැය නොකර වාහනය මගින්ම උපයපු ශක්තිය මගින් ගමන ඉවර කරපු කතාවක්. මේක ශක්ති සංස්ථිති නියමය ට එරෙහිව යනව කියල තර්ක කරන්න පුළුවන්. නමුත් සියලු දත්ත වාහනය මගින්ම දීපු ඒවා මත. විදුලි රථ ගැන දැනට නොදන්නා අයට මේ කතාව නොතේරෙන්න පුළුවන්. නමුත් අනාගතයේ ඒවා සාමාන්‍ය දැනීම වෙයි. බාර් තුනේ 30% SOH, 2013 G එකක් ඊයෙ මම පැපිලියානේ බොඩි ෂොප් එකෙන් රාජගිරියේ වර්ක් ෂොප් එකට යන්න ගන්නකොට බැටරිය 29%. රේන්ජ් නැහැ. හවස 5 යි වෙලාව. කෝට්ටේ පාර කිමී 7.5 වුණත් ගත්තේ 7.6 නාවල පාර, ෂොපිං ට්‍රැෆික් නිසා. ආවෙ D, Eco off, ඒසී ඕෆ්. ගමන ඉවර වෙද්දි බලශක්තිය එකතු කලා, 30% වෙනකං 💪  වාහනේ කාර්යක්ෂමතාව (energy efficiency) ගැන දැනුවත්ව වගේම හැම පැත්තක්ම පරික්ෂා කරල නිසා ආවෙ. මෙතනදි මම කිසිම රිස්ක් එකක් ගත්තෙ නෑ, range anxiety නෑ. A calculated trip!

සූර්ය කාර් වලට පෙර

Image
ගරු ඇමතිතුමනි 🙏 ඉන්ධන, හයිබ්‍රිඩ් වාහන වලින් වෙන වායු සහ පරිසර දූෂණය ඔබ හඳුනා ගැනීම අගය කරනව.  විදුලි කාර් වුනත් අපි පාරට එක් කළ යුතු එක ඉන්ධන භාවිත වාහනයක් ඉවත් කරන ගමන්. මේ ලෝකෙ නැති සූර්ය කාර් ගැන කතා නොකර, හෙට ඉඳං පටන් අරං අවුරුදු දෙකකින් ඉවර කරන්න පුළුවන් යට තියෙන දෙක කළොත් ඊළඟ ඡන්දෙදි මම ඔබේ campaign එකේ. දැනටම යෝජනා කර ඇති පාපැදි මංතීරු 6 හදල දිනකට කොළඹට ඇතුළුවෙන වන කාර් ලක්ෂ 8 න් 10% ඉවත් කිරීම. දැනට පාපැදි පදින මහාමාර්ග අයින් වල තියෙන බාධක ඉවත් කිරීම, වළවල් සහ ගැටි වැහීම, පාකින් නැවැත්වීම. මේවා ලොකු දේවල් නෙමෙයි, අනුමැතියත් අවශ්‍ය නෑ, ජනාධිපතිතුමාගේ Vistas of Prosperity & Splendor එනම් සෞභාග්‍යයෙ දැක්මෙ තියෙන ඒව. තව කරනවා නම් ඕන තරම් දේවල් තියෙනවා, අතිශය අඩු වියදමෙන් කරන්න පුළුවන්.  පොදු ප්‍රවාහනය ගැන මෙතන කතා නොකරමි.

දෙවිවරු වූ මිනිස්සු, ගැහැණු සහ ෆේස්බුක්!

Image
ගොවිපළේ ඉඳන් ට්‍රක් එකට හාල් කිලෝ දෙදහක් විතර දාගෙන දමිත අයිය එක්ක පිටත් වෙනකොට ඊයේ රෑ 10:00 පහු වෙලා. කොරොන කාලේ අවුරුද්දකට වඩා පොඩ්ඩක්වත් ට්‍රක් එක නොදුවපු නිසා වැඩි හොඳට ආණමඩුවේ ටයර් කඩේකින් හුලං චෙක් කරා. සේරුකැලේ  හරිය පහුකරද්දි දඩ දඩ සද්දයක් ඇහෙනකොටම ඇඟ හීතල වුණා ටයර් වෙන්නැති කියලා. ට්‍රක් එක පස්ස double වීල්, වම් පැත්තෙ ජෝඩුවම ෆ්ලැට්. දෙපැත්තෙම වැව සහ කැලේ දෙපැත්තටම හැතැම්මකට දෙකකට වඩා යනකං මනුස්ස වාසෙකුත් නෑ. කරන්නෙ මොනාද කියලවත් හිතාගන්න බෑ. ටයර් තියෙන විදියට අලුතෙන්ම දාන්න වෙනවා. ඔක්කොටම ඉස්සෙල්ලා ආරක්ෂාව වැදගත් නිසා ට්‍රැෆික් ත්‍රිකෝනෙ තිබ්බ පාරේ. ඉඳ හිට යන වාහන නවත්තන්න හදන ගමං FB SOS පෝස්ට් එකකුත් දැම්මා. පැය බාගයක් විතර වාහන නවත්තන්න හැදුවා. පහකට වැඩිය ගියෙත් නෑ කවුරුවත් නැවැත්තුවේ නෑ. තවත් ටික වෙලාවකින් මේ ඉන්න පැන්ඩා නැවැත්තුව. ඇතුල ලයිට් එක දැම්මහම දැක්කේ ලස්සන තරුණ නෝනා කෙනෙක් නම භාග්‍යා. අවුරුදු පහක විතර පොඩි දුවෙකුත් ඇතුලේ. භාග්‍යා කිලෝමීටර දහයක් විතර එහායින් තියෙන ටයර් කඩ 2කම අංක දුන්නා. ඒවා ඉන්ටර්නෙට් එකේ නැහැ. මේ නෝනා ගාව ලියලා තියාගත්තු ඒව. එක නම්බරයක් කාර්...

නාගරික වායු දූෂණය

Image
මේ පින්තූරෙ පරිසර දූෂණයෙන් ගොඩක් එහාට ගිය ලොකු කතාවක් කියනවා. ඒ දැන් අපිට ලැබෙන දත්ත මත ක්‍රියාමාර්ග නොගැනීම නිසා සහ නොසැලකිල්ල නිසා අනාගතේ මුහුණ පාන්න වෙන තත්වය ගැන. නාගරික වායු දූෂණයෙන් සියයට 70 ක් වාහන පිටාර දුම. බොහෝ රටවල කොවිඩ් සමග නාගරික වායු දූෂණය අඩු වුණත් ලංකාවෙ විශේෂයෙන්ම කොළඹ තියෙන්නෙ දුක්ඛිත තත්ත්වයක්. එහෙම වෙන්නේ ඇයි කියල හැමෝම දන්න සාධක කීපයක් මේ........ සැලැස්මක් නොමැති කමින් අධික වෙන තදබදය, බහුතරයක් වාහන විශේෂයෙන්ම වෙළඳ වාහන පැරණි හෝ නිසි ප්‍රමිතියට නැති ඒවා වීම,  විමෝචන වායු පරීක්ෂාව යල්පැන ගිය ක්‍රමවේදයක් වීම,  හයිබ්‍රිඩ් වාහන නිසි නඩත්තුව නොමැතිකමින් ඉන්ධන වාහනය කටත් වඩා විෂ වායු විමෝචනය කිරීම,  ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති කම,  නගරය පිටට ගෙන යාමට හෝ ජාලගත ක්‍රම වලට රාජ්‍ය අංශයේ ඇති අකමැත්ත, පොදු ප්‍රවාහනය නවීන සහ දියුණු නොවීම, පාපැදි ආදී නවීන ගමනාගමන ක්‍රම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොසැපයීම, ඉන්ධන භාවිත බලශක්තියට තවමත් ප්‍රමුඛතාවය ලැබීම, පුනර්ජනනීය බලශක්ති වැඩි කිරීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු නොවීම, නාගරික වායුව පිරිසිදු කරන පෙනහලු වැන...

අනතුරු නිවාරණය

Image
අනතුරකින් පස්සේ අපි ඒකට හේතු හොයනවා, කවුද වැරදි කාරය කියල උල තියන්න යනව. නමුත් මූලික හේතුව අවාසනාවන්ත විදියට මගහැරිලා.  මේවා ඇත්තෙන්ම හදිසි අනතුරු (Accident) නෙමෙයි ගැටුම් (Collision), එනම් වළක්වාගත හැකි ඒවා. රාජ්‍ය ආයතන දත්ත අනුව වැඩිම වැරදිකාරයො රියදුරන්. අපි නීතිරීති වලින් ඒ අයව හදන්න යනවා. මේවා බොහෝදුරට තාවකාලිකයි. දරුණු අනතුරකින් පස්සේ ටික දිනක් කතාවෙනවා, ඊට පස්සේ හැමදාකම අටකට කිට්ටු ගණනක් මැරෙනබව අපිට ගානක් නැහැ, කතාබහකුත් නැහැ.  මේ අනතුරු පාලනය සඳහා නීති අවශ්‍යයි, නමුත් නීතිගරුක සමාජයක නෙමේ අපි ජීවත් වෙන්නේ. ඒකට ජීවන සටන එකතුවුනාම තවත් භයානක වෙනවා. ඉතින් නීතියට සහ පුහුණුවට වඩා වැදගත්වෙන්නේ මානසික හැඩගැස්ම. පස්සර බස් එකේ පසුපස ස්ටිකරයෙන් කියවෙන්නෙත් මේ අති විශාල අඩුපාඩුව. අපේ රටේ පුහුණුවට ඇති ඉඩ ඉතාම අවමයි. බොහෝ දුරට බස් සහ ට්‍රක් රියදුරන් වෙන්නේ කොන්දොස්තර වරු සහ රිය සහායකයන්. කුඩා වාහන මෙන්ම ටුක් පදවන රියදුරන්ටත් හැදියාව පිලිබඳ පුහුණුවක් ඇත්තෙම නැහැ. රියදුරු පාසල වගකියන්නේ බලපත්‍රය ලබාදීමට පමණයි. ඊළඟට ඕනෑම වෘත්තියක අතරමැදි පුහුණු (Mid carrier training) තියෙනවා. නමුත් අ...

ආරක්ෂාවේ ප්‍රමිති

Image
පලවෙනි පින්තූරේ චීනෙ කොරොල්ලා එකක් පාපැදියක හැපිලා පාපැදිකරු සුළු තුවාල වලින් විතරක් බේරුණු කතාව. දෙවෙනි තුන්වෙනි පින්තූර ලංකාවේ. චීන පාපැදි කරුවා තරම් අපේ අය වාසනාවන්ත නෑ. කියවෙන්නේ එකම කතාවක්, බයිසිකල් රෝදයක වැදීම නිසා උනත් වෙන impact එක අවම කිරීම සඳහා ඇති විධිවිධාන.  පළමු පංතියේ වාහන නිෂ්පාදකයන්ගේ වාහනවල ආරක්ෂාව සහ ආරක්ෂිත උපාංග මගීන්ගේ වගේම තුන්වන පාර්ශවයෙ පුද්ගලයන්ගේ පවා ආරක්ෂාව සහතික වෙන ආකාරයට නිර්මාණය වෙලා තියෙනවද යන්න.  ඒ EuroNCAP ප්‍රමිතීන්ට අනුකූල වීම මෙන්ම සුමට පෘෂ්ඨ බද වටේම අඩංගු වීම මත. හැබැයි අපේ අය තාම හිතන්නේ වාහන හොඳ යකඩ කෑලි හතර වටේ තියනවනම් කියල.

ලාබාල මවගේ, ළදරුවා 😢

Image
"ඊයෙ දවසෙ මට (සංජී වීරසිංහ) මගේ ගුරුවරයෙක් කිවූ කතාවක්...." මීට අවුරුදු 20කට පමණ පෙර මගේ ගුරුතුමා කඩුවෙල පාලම අසලට පැමිණියේ යම් අවශ්‍යතාවයකටයි. එහිදී ඔහු දුටුවා අවුරුදු 17ක පමණ ලාබාල මවක්, ඇගේ මව විය හැකි තවත් වැඩිහිටි කාන්තාවක් සමග.  විශේෂ අවශ්‍යතා! ලාබාල මව විශේෂ අවශ්‍යතා සහිත දැරියක්...එනම් ආබාධිත මන්ද මානසික තත්ත්වයක්. ඇය ඔලුව අතපය සොලවන විලාශයෙන් මේ බව තේරුම් ගැනීමට හැකියි. දැරිය ඇඳගෙන හිටියෙ දරුවකු ලැබූ කාන්තාවක හඳිනා ආකාරයේ චීත්තයක් සහ බෙඩ්ජැකට් එකක්. වැඩිහිටි කාන්තාව, මේ දැරියගේ අතට යම්කිසි පොදියක් දුන්නා, "ළදරුවෙක්". දැරිය පොදිය සියතට ගත්තා, පාලනයකින් තොරව කැරකැවෙන තමාගේම ඔලුව අතපය සමගින්. වැඩිහිටි කාන්තාව ළදරුවාගේ මුව ලං කරා දැරියගේ තනපුඩුවක් දෙසට. ළදරුවා කිරි උරා බොනවා. කාරයක් ඇවිත් මේ දෙන්නා ළඟ නවත්වනවා. වැඩිහිටි කාන්තාව, තම මව්ගෙන් ලබන අවසන් කිරිපොද උරමින් සිටි බිලින්ඳාව තම ඇකයට ගෙන මෝටර් රථයෙන් පැමිණි ජෝඩුව දෙසට දිගු කරනවා.  ආබාධිත ලාබාල මව්, ඇගේ හිස සහ අතපය සොලවමින් තමාගෙන් ගිලිහෙන බිළිඳු දෙස බලනවා. ජෝඩුව ක්ෂණයකින් බිළිඳාව රැගෙන ඉගිලෙනවා. දැරියට, ඇගේ ...

භාග්‍යා ගැන සන්ජි!

Image
"අවසානයේ, ඔබ වටහාගත යුත්තේ දැරියගේ හිතේ දැවෙන පණිවුඩයේ අන්තර්ගතයයි..." තමා විශ්වාස කරන දේශපාලන පක්ෂයේ සියලු අකටයුතු සාධාරණීකරණය කරන නූගතුන් මෙන්ම උගතුන්ද දුටිමි. සමහර උගතුන්, ලාබාල දැරියක් වන භාග්‍යා අබේරත්නව බොරුකාරියක් ලෙස හංවඩු ගසමින්, ඇය පසුපසින් පන්න පන්නා දිනපතා කරමින් සිටින පහරගැසීම් දකිමින් සිටින්නෙමි. කෝවිඩ් එන්නත නොමිළේ ලබාදීම මගින් වනාන්තර කැපීම නිදොස් කිරීමට තැත්කරනු දුටිමි.  අවසානයේ ඔබ වටහාගත යුතුවන්නේ, දැරියගේ හිතේ දැවෙන පණිවුඩයේ අන්තර්ගතයයි.  එනම්, "අප රටේ වනාන්තර කැපෙමින් පවතින බවයි".  අපගේ හුස්ම අපට නැතිවන වගයි 😢. සංජි වීරසිංහ.

සතුට නම්!

Image
පබ්ලික් ගෘප් එකක විදුලි රිය ගැන උපදෙස් ගන්න අහද්දි හැම කෙනෙක්ම මගේ නම සඳහන් කිරීම තරම් සතුටක් තවත් කොයින්ද? මේ අද කමෙන්ට් කීපයක්, මෙතන නම් ඇති නැති ඔක්කෝටම මගේ ස්තුතිය 🙏🙏🙏 වැදගත්ම දේ මේ විශ්වාසය පවත්වාගැනීම, පැති කිහිපයකින්ම, මම ඒ වෙනුවෙන් කැපවෙලා. ඒ මගේ සේවාවන් රටේ ආර්ථිකයට, සමාජයට හා පරිසරයට දායකත්වයක් දීමේ සතුටත් සමග.

ගල්කන්දේ හාමුදුරුවෝ

Image
මගේ වෘත්තිය ගැන අතිශයින් සතුටු හිතුන දිනක්, අති පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමිපාණන්ට සේවය සැලසීමට ලැබුණු 🙏🙏🙏 උන්වහන්සේ සමග ප්‍රවාහනය, පුනර්ජනනීය බලශක්තිය සහ පරිසරය ගැන කෙරුණු කෙටි කතා බහේදී උන්වහන්සේ මගේ අදහස් අගය කරන බව අසන්නට ලැබීම විශාල ආඩම්බරයක්!

ඇමතිතුමාට ජයවේවා!

Image
අම්මා ණය ගෙවාගන්න බැරුව ඇමතිතුමාට ජයවේවා කියලා ලණුවක් අරන් ගහේ එල්ලෙන්න යනව ..... මේ හිඟුරක්ගොඩ එක වසරෙ දරුවෙක් අද ඇඳපු චිත්‍රයක්. ඒ දරුවාට හරියට අකුරු ලියාගන්න බෑ. ඉතිං  Kaushalya Herath ඇහුවම මොකක්ද මේ චිත්‍රයෙන් කියවෙන්නේ කියල දරුවාගේ උත්තරේ තමයි ඒ. තැඹිලි පාටට තියෙන්නෙ ජයවේවා කියන පෝස්ටරේ. කෞෂල්‍යා අද මේ සිද්ධිය අත්දැක්කෙ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලට එරෙහි විරෝධතාවයකට සහභාගි වෙන අතරේ.  මෙතන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල සූරාකෑමට එහා ගිය දේශපාලනයේ හා දරිද්‍රතාවේ ඛේදවාචකය පිළිබිඹු වෙන්නේ. දේශපාලකයන්ට අවශ්‍ය නම් උපරිම පොලී අනුපාතිකය එක රැයින් තීරණය කරලා මේ ඛේදවාචකය නවත්තන්න පුළුවන්. නමුත් දේශපාලකයන්ට අවශ්‍ය ජනතාවගේ නූගත්කම හා  දුප්පත්කම පවත්වාගැනීම, චිත්‍රයෙ තියෙන විදියටම ජයවේවා කියන පෝස්ටරේ උස්සගෙන ගිහින් කතිරෙ ගස්සව ගන්න.

කුණු අලියා

Image
 හිතට වදින අලියෙක්, ස්තුතියි ලලිත් සේනානායක  🤘 නමුත් අපි කීයෙන් කී දෙනෙක් මේ පණිවුඩය යථාර්ථයක් කරන්න අඩියක් ඉස්සරහට තියෙනවද? නිකන් දෙන බෑග් ප්‍රතික්ෂේප කරනවද? ප්ලාස්ටික් පැකට් බට සහ බෝතල් කල ජලය සහ බීම පාවිච්චියෙන් බැහැර වෙනවද? ප්ලාස්ටික් සැෂෙ වල තියෙන ද්‍රව්‍ය මිලදී ගැනීම අවම කරනවද? වෙනම ඇසුරුම් වල තියෙන ලිහිසි තෙල් සහ තෙල් භාවිත පුද්ගලික ප්‍රවාහනය අවම කරනවද? විසඳුම ප්‍රතිචක්‍රීකරණය නෙමෙයි, භාවිතය අවම කිරීම. ලෝකෙන් උතුම් රටෙං එලවපු සුද්දෝ ගමන් යන්නේ නැවත පිරවිය හැකි බෝතලයක් අරන් ගන්න දෙයක් වුණත් දාගන්න බෑග් එකක් කරේ දාං පයින් හෝ පාපැදියෙන් උනාට බස් හෝල්ට් එකේ දුර යන්නත් අපිට කාරෙකක්, ස්කූටියක් හෝ ටුක් එකක් ඕනෙ 😁🔫