Posts

නාගරික වායු දූෂණය

Image
මේ පින්තූරෙ පරිසර දූෂණයෙන් ගොඩක් එහාට ගිය ලොකු කතාවක් කියනවා. ඒ දැන් අපිට ලැබෙන දත්ත මත ක්‍රියාමාර්ග නොගැනීම නිසා සහ නොසැලකිල්ල නිසා අනාගතේ මුහුණ පාන්න වෙන තත්වය ගැන. නාගරික වායු දූෂණයෙන් සියයට 70 ක් වාහන පිටාර දුම. බොහෝ රටවල කොවිඩ් සමග නාගරික වායු දූෂණය අඩු වුණත් ලංකාවෙ විශේෂයෙන්ම කොළඹ තියෙන්නෙ දුක්ඛිත තත්ත්වයක්. එහෙම වෙන්නේ ඇයි කියල හැමෝම දන්න සාධක කීපයක් මේ........ සැලැස්මක් නොමැති කමින් අධික වෙන තදබදය, බහුතරයක් වාහන විශේෂයෙන්ම වෙළඳ වාහන පැරණි හෝ නිසි ප්‍රමිතියට නැති ඒවා වීම,  විමෝචන වායු පරීක්ෂාව යල්පැන ගිය ක්‍රමවේදයක් වීම,  හයිබ්‍රිඩ් වාහන නිසි නඩත්තුව නොමැතිකමින් ඉන්ධන වාහනය කටත් වඩා විෂ වායු විමෝචනය කිරීම,  ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති කම,  නගරය පිටට ගෙන යාමට හෝ ජාලගත ක්‍රම වලට රාජ්‍ය අංශයේ ඇති අකමැත්ත, පොදු ප්‍රවාහනය නවීන සහ දියුණු නොවීම, පාපැදි ආදී නවීන ගමනාගමන ක්‍රම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොසැපයීම, ඉන්ධන භාවිත බලශක්තියට තවමත් ප්‍රමුඛතාවය ලැබීම, පුනර්ජනනීය බලශක්ති වැඩි කිරීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු නොවීම, නාගරික වායුව පිරිසිදු කරන පෙනහලු වැන...

අනතුරු නිවාරණය

Image
අනතුරකින් පස්සේ අපි ඒකට හේතු හොයනවා, කවුද වැරදි කාරය කියල උල තියන්න යනව. නමුත් මූලික හේතුව අවාසනාවන්ත විදියට මගහැරිලා.  මේවා ඇත්තෙන්ම හදිසි අනතුරු (Accident) නෙමෙයි ගැටුම් (Collision), එනම් වළක්වාගත හැකි ඒවා. රාජ්‍ය ආයතන දත්ත අනුව වැඩිම වැරදිකාරයො රියදුරන්. අපි නීතිරීති වලින් ඒ අයව හදන්න යනවා. මේවා බොහෝදුරට තාවකාලිකයි. දරුණු අනතුරකින් පස්සේ ටික දිනක් කතාවෙනවා, ඊට පස්සේ හැමදාකම අටකට කිට්ටු ගණනක් මැරෙනබව අපිට ගානක් නැහැ, කතාබහකුත් නැහැ.  මේ අනතුරු පාලනය සඳහා නීති අවශ්‍යයි, නමුත් නීතිගරුක සමාජයක නෙමේ අපි ජීවත් වෙන්නේ. ඒකට ජීවන සටන එකතුවුනාම තවත් භයානක වෙනවා. ඉතින් නීතියට සහ පුහුණුවට වඩා වැදගත්වෙන්නේ මානසික හැඩගැස්ම. පස්සර බස් එකේ පසුපස ස්ටිකරයෙන් කියවෙන්නෙත් මේ අති විශාල අඩුපාඩුව. අපේ රටේ පුහුණුවට ඇති ඉඩ ඉතාම අවමයි. බොහෝ දුරට බස් සහ ට්‍රක් රියදුරන් වෙන්නේ කොන්දොස්තර වරු සහ රිය සහායකයන්. කුඩා වාහන මෙන්ම ටුක් පදවන රියදුරන්ටත් හැදියාව පිලිබඳ පුහුණුවක් ඇත්තෙම නැහැ. රියදුරු පාසල වගකියන්නේ බලපත්‍රය ලබාදීමට පමණයි. ඊළඟට ඕනෑම වෘත්තියක අතරමැදි පුහුණු (Mid carrier training) තියෙනවා. නමුත් අ...

ආරක්ෂාවේ ප්‍රමිති

Image
පලවෙනි පින්තූරේ චීනෙ කොරොල්ලා එකක් පාපැදියක හැපිලා පාපැදිකරු සුළු තුවාල වලින් විතරක් බේරුණු කතාව. දෙවෙනි තුන්වෙනි පින්තූර ලංකාවේ. චීන පාපැදි කරුවා තරම් අපේ අය වාසනාවන්ත නෑ. කියවෙන්නේ එකම කතාවක්, බයිසිකල් රෝදයක වැදීම නිසා උනත් වෙන impact එක අවම කිරීම සඳහා ඇති විධිවිධාන.  පළමු පංතියේ වාහන නිෂ්පාදකයන්ගේ වාහනවල ආරක්ෂාව සහ ආරක්ෂිත උපාංග මගීන්ගේ වගේම තුන්වන පාර්ශවයෙ පුද්ගලයන්ගේ පවා ආරක්ෂාව සහතික වෙන ආකාරයට නිර්මාණය වෙලා තියෙනවද යන්න.  ඒ EuroNCAP ප්‍රමිතීන්ට අනුකූල වීම මෙන්ම සුමට පෘෂ්ඨ බද වටේම අඩංගු වීම මත. හැබැයි අපේ අය තාම හිතන්නේ වාහන හොඳ යකඩ කෑලි හතර වටේ තියනවනම් කියල.

ලාබාල මවගේ, ළදරුවා 😢

Image
"ඊයෙ දවසෙ මට (සංජී වීරසිංහ) මගේ ගුරුවරයෙක් කිවූ කතාවක්...." මීට අවුරුදු 20කට පමණ පෙර මගේ ගුරුතුමා කඩුවෙල පාලම අසලට පැමිණියේ යම් අවශ්‍යතාවයකටයි. එහිදී ඔහු දුටුවා අවුරුදු 17ක පමණ ලාබාල මවක්, ඇගේ මව විය හැකි තවත් වැඩිහිටි කාන්තාවක් සමග.  විශේෂ අවශ්‍යතා! ලාබාල මව විශේෂ අවශ්‍යතා සහිත දැරියක්...එනම් ආබාධිත මන්ද මානසික තත්ත්වයක්. ඇය ඔලුව අතපය සොලවන විලාශයෙන් මේ බව තේරුම් ගැනීමට හැකියි. දැරිය ඇඳගෙන හිටියෙ දරුවකු ලැබූ කාන්තාවක හඳිනා ආකාරයේ චීත්තයක් සහ බෙඩ්ජැකට් එකක්. වැඩිහිටි කාන්තාව, මේ දැරියගේ අතට යම්කිසි පොදියක් දුන්නා, "ළදරුවෙක්". දැරිය පොදිය සියතට ගත්තා, පාලනයකින් තොරව කැරකැවෙන තමාගේම ඔලුව අතපය සමගින්. වැඩිහිටි කාන්තාව ළදරුවාගේ මුව ලං කරා දැරියගේ තනපුඩුවක් දෙසට. ළදරුවා කිරි උරා බොනවා. කාරයක් ඇවිත් මේ දෙන්නා ළඟ නවත්වනවා. වැඩිහිටි කාන්තාව, තම මව්ගෙන් ලබන අවසන් කිරිපොද උරමින් සිටි බිලින්ඳාව තම ඇකයට ගෙන මෝටර් රථයෙන් පැමිණි ජෝඩුව දෙසට දිගු කරනවා.  ආබාධිත ලාබාල මව්, ඇගේ හිස සහ අතපය සොලවමින් තමාගෙන් ගිලිහෙන බිළිඳු දෙස බලනවා. ජෝඩුව ක්ෂණයකින් බිළිඳාව රැගෙන ඉගිලෙනවා. දැරියට, ඇගේ ...

භාග්‍යා ගැන සන්ජි!

Image
"අවසානයේ, ඔබ වටහාගත යුත්තේ දැරියගේ හිතේ දැවෙන පණිවුඩයේ අන්තර්ගතයයි..." තමා විශ්වාස කරන දේශපාලන පක්ෂයේ සියලු අකටයුතු සාධාරණීකරණය කරන නූගතුන් මෙන්ම උගතුන්ද දුටිමි. සමහර උගතුන්, ලාබාල දැරියක් වන භාග්‍යා අබේරත්නව බොරුකාරියක් ලෙස හංවඩු ගසමින්, ඇය පසුපසින් පන්න පන්නා දිනපතා කරමින් සිටින පහරගැසීම් දකිමින් සිටින්නෙමි. කෝවිඩ් එන්නත නොමිළේ ලබාදීම මගින් වනාන්තර කැපීම නිදොස් කිරීමට තැත්කරනු දුටිමි.  අවසානයේ ඔබ වටහාගත යුතුවන්නේ, දැරියගේ හිතේ දැවෙන පණිවුඩයේ අන්තර්ගතයයි.  එනම්, "අප රටේ වනාන්තර කැපෙමින් පවතින බවයි".  අපගේ හුස්ම අපට නැතිවන වගයි 😢. සංජි වීරසිංහ.

සතුට නම්!

Image
පබ්ලික් ගෘප් එකක විදුලි රිය ගැන උපදෙස් ගන්න අහද්දි හැම කෙනෙක්ම මගේ නම සඳහන් කිරීම තරම් සතුටක් තවත් කොයින්ද? මේ අද කමෙන්ට් කීපයක්, මෙතන නම් ඇති නැති ඔක්කෝටම මගේ ස්තුතිය 🙏🙏🙏 වැදගත්ම දේ මේ විශ්වාසය පවත්වාගැනීම, පැති කිහිපයකින්ම, මම ඒ වෙනුවෙන් කැපවෙලා. ඒ මගේ සේවාවන් රටේ ආර්ථිකයට, සමාජයට හා පරිසරයට දායකත්වයක් දීමේ සතුටත් සමග.

ගල්කන්දේ හාමුදුරුවෝ

Image
මගේ වෘත්තිය ගැන අතිශයින් සතුටු හිතුන දිනක්, අති පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමිපාණන්ට සේවය සැලසීමට ලැබුණු 🙏🙏🙏 උන්වහන්සේ සමග ප්‍රවාහනය, පුනර්ජනනීය බලශක්තිය සහ පරිසරය ගැන කෙරුණු කෙටි කතා බහේදී උන්වහන්සේ මගේ අදහස් අගය කරන බව අසන්නට ලැබීම විශාල ආඩම්බරයක්!

ඇමතිතුමාට ජයවේවා!

Image
අම්මා ණය ගෙවාගන්න බැරුව ඇමතිතුමාට ජයවේවා කියලා ලණුවක් අරන් ගහේ එල්ලෙන්න යනව ..... මේ හිඟුරක්ගොඩ එක වසරෙ දරුවෙක් අද ඇඳපු චිත්‍රයක්. ඒ දරුවාට හරියට අකුරු ලියාගන්න බෑ. ඉතිං  Kaushalya Herath ඇහුවම මොකක්ද මේ චිත්‍රයෙන් කියවෙන්නේ කියල දරුවාගේ උත්තරේ තමයි ඒ. තැඹිලි පාටට තියෙන්නෙ ජයවේවා කියන පෝස්ටරේ. කෞෂල්‍යා අද මේ සිද්ධිය අත්දැක්කෙ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලට එරෙහි විරෝධතාවයකට සහභාගි වෙන අතරේ.  මෙතන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල සූරාකෑමට එහා ගිය දේශපාලනයේ හා දරිද්‍රතාවේ ඛේදවාචකය පිළිබිඹු වෙන්නේ. දේශපාලකයන්ට අවශ්‍ය නම් උපරිම පොලී අනුපාතිකය එක රැයින් තීරණය කරලා මේ ඛේදවාචකය නවත්තන්න පුළුවන්. නමුත් දේශපාලකයන්ට අවශ්‍ය ජනතාවගේ නූගත්කම හා  දුප්පත්කම පවත්වාගැනීම, චිත්‍රයෙ තියෙන විදියටම ජයවේවා කියන පෝස්ටරේ උස්සගෙන ගිහින් කතිරෙ ගස්සව ගන්න.

කුණු අලියා

Image
 හිතට වදින අලියෙක්, ස්තුතියි ලලිත් සේනානායක  🤘 නමුත් අපි කීයෙන් කී දෙනෙක් මේ පණිවුඩය යථාර්ථයක් කරන්න අඩියක් ඉස්සරහට තියෙනවද? නිකන් දෙන බෑග් ප්‍රතික්ෂේප කරනවද? ප්ලාස්ටික් පැකට් බට සහ බෝතල් කල ජලය සහ බීම පාවිච්චියෙන් බැහැර වෙනවද? ප්ලාස්ටික් සැෂෙ වල තියෙන ද්‍රව්‍ය මිලදී ගැනීම අවම කරනවද? වෙනම ඇසුරුම් වල තියෙන ලිහිසි තෙල් සහ තෙල් භාවිත පුද්ගලික ප්‍රවාහනය අවම කරනවද? විසඳුම ප්‍රතිචක්‍රීකරණය නෙමෙයි, භාවිතය අවම කිරීම. ලෝකෙන් උතුම් රටෙං එලවපු සුද්දෝ ගමන් යන්නේ නැවත පිරවිය හැකි බෝතලයක් අරන් ගන්න දෙයක් වුණත් දාගන්න බෑග් එකක් කරේ දාං පයින් හෝ පාපැදියෙන් උනාට බස් හෝල්ට් එකේ දුර යන්නත් අපිට කාරෙකක්, ස්කූටියක් හෝ ටුක් එකක් ඕනෙ 😁🔫

The World's Richest!

Image
ජෙෆ් බෙසෝස් පසුකර ඊයෙ ඉඳන් ලොව ධනවත්ම පුද්ගලයා වූ එලොන් මස්ක් ගැන රට්ටු කියන කතා 😉 හපෝයි බැටරි කාර්, මහලොකුවට පරිසර හිතකාමී කිව්වට ඕවෑ බැර ලෝහ පොළොව කනවා. මහ ලොකු කාර් හදන්න ඉස්සෙල්ලා ලාභ කාර් එකක් හදන්න තිබුණෙ නැද්ද මෙයාට මරුටි ගානට?

1948 ආසියාවේ දෙවන විශාල ආර්ථිකය 🤔

Image
 

නව සන්නාමකරණය

Image
ආයතනයක් rebranding එකකට යන්නේ ඒක පිටිපස්සෙ තියෙන විශාල innovation, strategy,  ව්‍යාපාරික සැලසුම් සහ අරමුණු මත. ලෝගෝව වෙනස් කිරීම ඉතා සුළු වියදමක් වුණත් ඒ හා සබැඳි අනිකුත් දෑ ආයතනයකට අතිවිශාල වියදමක් මෙන්ම හොඳට මෙන්ම නරකට ද බලපෑ හැකියි. ජෙනරල් මෝටර්ස් rebranding එක ලෝකෙ ඇතිකරපු හාහෝව වගේම එකක් SLT Mobitel rebranding එක ලංකාවෙත් ඇති කරලා.

පාපැදියෙන් කොළඹ යමු

Image
මේ ජනාධිපති පවුලේ ලේලි, ලස්සන තත්යානා. පාපැදිය වසංගත කාලෙන් එහාටත් හොඳම පොදු ප්‍රවාහන මාධ්‍ය විදියට ලෝකයම පිළිඅරන් ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා. අපිට කරන්න පුළුවන් දේවල් බොහොමයි. ඒ ගැන මගේ ගුරුතුමා Lalith මිත්‍රයා Yasas සහ තවත් අයත් ලියල තිබුන විවිධ යෝජනා. රජයට පාපැදිය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් කිරීම වෙනුවෙන් ලොකු දේවල් කරන්න පුළුවන් බොහොම ලේසියෙන්. ලින්ක් එක ඒ වෙනුවෙන් හදපු ව්‍යාපෘති වාර්තාව. ජනාධිපතිතුමා මැතිවරණයට ඉස්සෙල්ලා මේ යෝජනාව කලා. මම ගනන් මිනුම් එක්කම හැදුවා.

80% පුනර්ජනනීය ඉලක්කය

Image
ලංකා සහ ඉන්දියා බලශක්ති කතාවස්තු යුගළ. 2016 අවුරුද්දේ අගමැති නරේන්ද්‍ර මෝඩි පටන් ගත්ත එයාගෙ පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ. පොඩියට නෙවෙයි, GW 175 ක් 2022 වෙනකොට. GW 100 සූර්ය බලය සහ GW 50ක් සුළං බලය එක්ක. ඒ කාලෙදී මේක ලෝකෙ දැකපු වඩාත් ආකර්ශනීයම පුනර්ජනනීය බලශක්ති වැඩසටහනක්. විශේෂයෙන් මේ වෙනකොට සූර්ය බල මිල වැඩි තත්ත්වයක් තුළ. මෝඩි බොහොම ආඩම්බරයෙන් එක්සත් ජාතීන්ගේ Paris කාලගුණ සමුළුවේ දී මේ බව ප් ‍රකාශ කළේ. බලශක්ති අමාත්‍ය පියුස් ගෝපාල් එතන ඉදන් නිකං හිටියෙ නෑ. එපමණක් නෙමෙයි ඉන්දියාවේ බලශක්ති නිෂ්පාදන සහ බෙදා හරින ආයතන අපේ විදුලිබල මණ්ඩලය වගේ මේ ඉලක්කයට විරුද්ද වුණෙත් නැහැ. එමෙන්ම ඉලක්ක වෙනස් කරන්න උත්සාහකලෙත් නෑ.

R.I.P Black Leopard

Image
Shocking  😬 😡 😭 BLACK LEOPARD DEAD. Man and man alone is responsible for this dreadful disaster. අද අපට නැතිවුනේ නැවත නොදැකිය හැකි, ජාතික වස්තුවක් තරම් වටිනා සතෙක්. මෙතරම් දැකුම්කළු කළු  දිවියෙක් මීටපෙර වාර්තාවෙලා නැහැ. එයා ජගුවරයෙක් තරම්ම විශාලයි.